උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍යයි - ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි. තාක්ෂණික...

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි. තාක්ෂණික කරුණු හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය යම් තීරණයක් ලබාදී තිබුණ ද එම පළාත්වල ජීවත්වන සුළු ජාතීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.එසේ නොකළහොත් සුළු ජන කොටස් සහ බහුතර ජන කොටස් අතර සාමූහිකතාවයට බලපෑම් එල්ල විය හැකි අතර දීර්ඝ කාලීනව සුළුතර ජන කොටස්වලට සිය අනන්‍යතාව අහිමිවීමේ ඉඩකඩක් ද පවතින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි. බහුතර ජන කොටස්වල අවශ්‍යතාවය එය වී ඇති ආකාරයක් පෙන්නුම් කෙරුණ ද එවැනි තත්ත්වයක් කිසිසේත් අනුමත කළ නොහැකි බව විග්නේෂ්වරන්  පවසයි. යාපනයේ අද(07) පැවති දෙමළ දේශපාලන කමිටු රැස්වීමට එක්වෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජනතාව සහ සිංහල ජනතාව අතර පවතින දේශපාලන ගැටළු විසඳීම සඳහා නිසි විසඳුමක් ලබාදිය යුතු බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2297849391065454960

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item