අතුරුදහන් වූවන් ගැන කාර්යාලය පිහිටුවීමේ පනත යළි ගෙන ආ යුතුයි
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත යළි පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන...

https://www.sathhanda.com/2016/08/wimal-weerawansa.html
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත
යළි පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු
මන්ත්‍රී විමල් වීරවංශ ඉල්ලා සිටියි. මෙම පනත සඳහා සහාය දුන්
පාර්ශව විසින් ඉදිරිපත් කළ සංශෝධන පවා ඊට ඇතුළත්ව නොමැති බව ඔවුන් විසින්ම
පෙන්වාදෙන තත්ත්වයක් තුළ එසේ කළ හැකි බව ඔහු ඊයේ (23) පාර්ලිමේන්තුවේදී
සඳහන් කළේය.
තමන් ඇතුළු පිරිස පනතට සහය නොදැක්වුවද,පනතට සහය දැක්වූ ආණ්ඩුවේම පිරිස් හා විපක්ෂයේ පිරිස් එය සම්මත කරගනු පිණිස සහය දැක්වූයේ තමන්ගේ සංශෝධනද එයට ඇතුළත්වනු ඇතැයි අපේක්ෂාවෙන් බව ඔහු පෙන්වා දුන්නේය. එසේ වුවද, ඒ අයුරින් ඊට සහය දුන් පිරිසගේ අපේක්ෂාව හෝ භංගවී ඇති තත්ත්වයක් තුළ නැවත එම පනත පාර්ලිමේන්තුවට ගෙන ආවොත් ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකි බව වීරවංශ අවධාරණය කළේය.
මෙම පනත 88-89 කාලයේ අතුරුදහන් වූවන් පිළිබඳ සොයන කාර්යාලයක් ස්ථාපිත කරන පනතක් නොව යුද්ධය ජයග්‍රහණය කළ රණ විරුවන්ට දඬුවම් පමුණුවන්නට කටයුතු කරන චෝදනා ෆැක්ටරියක් නිර්මාණය කරන පනතක් බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බව ඔහු කියා සිටියේය.

Related