කිලෝ 300 ක් බර ගුවන් යානා උණ්ඩයක් හමුවෙයි (PHOTOS)

කිළිනොච්චි ධර්මපුරම් චුන්ඩිකුලම් කැලෑවේ තිබී කෆීර් ගුවන් යානා උණ්ඩයක් සොයාගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙම උණ්ඩය බර කිලෝග...

කිළිනොච්චි ධර්මපුරම් චුන්ඩිකුලම් කැලෑවේ තිබී කෆීර් ගුවන් යානා උණ්ඩයක් සොයාගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙම උණ්ඩය බර කිලෝග‍්‍රෑම් 300ක ට ආසන්න බවයි.

දර කැඩීමට ගිය එම ප‍්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු මෙම උණ්ඩය දැක ඇති අතර පසුව ඔවුන් එ් බව පොලීසියට දන්වා තිබෙනවා.

කෆීර් වර්ගයේ ගුවන් යානාවලින් හෙළන ලද උණ්ඩයක් බවටයි මෙය හඳුනාගෙන ඇත්තේ.

මෙය අඩි හයක් පමණ දිග සහ අඩි 3ක පමණ විෂ්කම්භයකින් යුක්තයි. කිලිනොච්චිය අධිකරණයේ නියෝගය යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්කී‍්‍රය අංශය මෙය ගොඩ ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6206548383979576369

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item