ව්‍යාපාරිකයාගේ ඝාතනයට තවත් 5ක් මාට්ටු

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුව‍ට ගෙන තිබේ. කොළඹ අපර...

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුව‍ට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අවුරුදු 25ත් 30ත් තරුණයින් 5 දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතැයි සඳහන්ය.

එසේම ව්‍යාපාරිකයා පැහැරගෙන යාමට භාවිතා කළ වාහනයද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇත.

පසුගිය අගෝස්තු මස 21දා රාත්‍රී 9.15ට පමණ 29 හැවිරිදි මොහොමඩ් ශාකිබ් සුලෙයිමාන් නැමැති අංක 21, කොතලාවල ඇවනියු, කොළඹ 4 ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් ඝාතනය කර තිබිණ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් සහ ආදුරුප්පුවීදිය ප්‍රදේශවලදී තරුණයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2468937297801227882

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item