විදෙස්‌ මැදිහත්වීමක්‌ ඕනෑමයි - විග්නේෂ්වරන් බෑන්කිමූන්ට කියයි

යුද අපරාධ චෝදනා පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහභාගිත්වයක්‌ අවශ්‍ය බව උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් ...

යුද අපරාධ චෝදනා පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහභාගිත්වයක්‌ අවශ්‍ය බව උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ගෙන් ඉල්ලා ඇත. පසුගිය (02දා) සිකුරාදා යාපනයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී හෙතෙම මෙම ඉල්ලීම කර තිබේ.

ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රණ කෙරේ විශ්වාසයක්‌ නැති බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

විග්නේශ්වරන්ට අමතරව ද්‍රවිඩ සංධානයද මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධ පරීක්‍ෂා කිරීමට අදාළ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීම ගැන කරුණු දක්‌වමින් බැන් කී මූන්ට වාර්තාවක්‌ පිළිගන්වා ඇතැයි ආරංචි මාර්ග දක්‌වයි.

උතුරේ සිවිල් සංවිධාන ජාලයද මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන විමර්ශනයට ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.

එහෙත් ශ්‍රී ලංකා රජය පවසන්නේ විමර්ශන යාන්ත්‍රණයට විදෙස්‌ විනිසුරුවන් සම්බන්ධ කරගන්නේ නැති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8831544180293123198

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item