මෛත්‍රීට පිළිගැනීම ඉහළයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන සැසිවාරය ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වශයෙන් තවත් ඉදිරියට යාමට ලැබී ඇති අවස්ථාවක් බව විදේශ අමාත්‍ය මංගල සමරව...

https://www.sathhanda.com/2016/09/blog-post_426.html
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන සැසිවාරය ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වශයෙන් තවත් ඉදිරියට යාමට ලැබී ඇති අවස්ථාවක් බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.
නිව්යෝර්ක් නුවර සිට ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් හිමිව ඇති බවයි.
අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය ලබන 26 වනදා දක්වා පැවැත්වෙන අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මූන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව මෙවර හේතුන් කිහිපයක් මත විශේෂත්වයක් ගනු ලබයි.
වසර 10ට අධික කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධුරය දෑරූ බෑං කී මූන් මහතා සහභාගී වන අවසන් සැසිවාරය මෙය වන අතර මීට අමතරව සංක්‍රමණිකයින් පිළිබඳ සමුඵවක් ද මෙහිදී පැවැත්විමට නියමිතය.
එම සමුළුවේ ප්‍රධානත්වය අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් දරනු ලබයි.
බැරැක් ඔබාමා ද මෙම සමුළුව ඇමතිමට නියමිත අතර ඔහු විසින් මෙම සමුළුව අමතනු ලබන අවසන් අවස්ථාව බවද සඳහන්ය.
Related