නුවන් කුලසේකරගේ මෝටර් රථයේ ගැටී තරුණයෙකු මරුට – කුලසේකර අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන නුවන් කුලසේකර පැදවූ මෝටර් රථයට කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී තරුණයෙකු ගැටී තිබෙනවා....

https://www.sathhanda.com/2016/09/blog-post_718.html
ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන නුවන් කුලසේකර පැදවූ මෝටර් රථයට කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී තරුණයෙකු ගැටී තිබෙනවා.
රිය අනතුරෙන් තරුණයා මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ශ‍්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ කිරිල්ලවල ප‍්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් 28 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි.
දැනට පොලිස් භාරයේ සිටින නුවන් කුලසේකර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related