වැට් බදු පනතත් පරාජය කරනවා - ඒකාබද්ධ විපක්‍ෂය
අයවැය ඉදිරිපත් කිරීමට මාසයක පමණ කාලයක් තිබියදී වෙනම පනත් කෙටුම්පතක් ලෙස වැට් බද්ද ගෙන ඒමේ ආණ්‌ඩුවේ ක්‍රියාවලිය පරාජය කිරීමට ඒකාබද්ධ වි...

https://www.sathhanda.com/2016/09/blog-post_433.html
අයවැය ඉදිරිපත් කිරීමට මාසයක පමණ කාලයක් තිබියදී වෙනම පනත් කෙටුම්පතක් ලෙස වැට් බද්ද ගෙන ඒමේ ආණ්‌ඩුවේ ක්‍රියාවලිය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ කළේය.
ඇමැති මණ්‌ඩලය විසින් අනුමත කළ අලුත් වැට් පනත් කෙටුම්පතට එරෙහිව ද නඩු දමන්නේ ද නැද්ද යන්න තීරණය කළ හැක්‌කේ එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව බවද වැඩිදුරටත් කියා සිටියේය.
අලුත් වැට් පනත් කෙටුම්පත තුළ නඩු නිමිත්තක් තිබේද නැද්ද යන්න සොයා බැලීම සඳහා එය අධ්‍යයනය කළ යුතු බව ද මෙම සතියේ බොහෝ දුරට ආණ්‌ඩුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයිද කී ජයකොඩි ඉන්පසු එය අධ්‍යයනය කරන බව කීවේය.
කෙසේ වෙතත් ජනතාවට තාවකාලිකව හෝ සහනයක් ලබා දීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම ප්‍රමාද වන ආකාරයට ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරි දිනවලදී කටයුතු කරන බවද සිසිර ජයකොඩි කීවේය.
Related