සයිටම් අහෝසි කරන්නෙත් නෑ. කරන්නත් බෑ - ලක්‍ෂමන් කිරිඇල්ල

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් සයිටම් ආයතනය අහෝසි කරන්නෙත් නෑ... අහෝසි කරන්නත් බෑ... යෑයි සභානායක උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති...

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් සයිටම් ආයතනය අහෝසි කරන්නෙත් නෑ... අහෝසි කරන්නත් බෑ... යෑයි සභානායක උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

විපක්‌ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක ස්‌ථාවර නියෝග 23/3 යටතේ කළ ප්‍රකාශයකට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙසේද කීය.

ළමයින් විශ්වවිද්‍යාලයට යන්නේ ඉගෙන ගන්න. එජාපයට, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට විශ්වවිද්‍යාල තුළ සමිති නෑ. ඒත් පාර්ලිමේන්තු එන්න බැරි පක්‌ෂ විශ්වවිද්‍යාල තුළ සමිති හදාගෙන. එක්‌තරා දේශපාලන පකෂයක්‌ කුරුණෑගල විරෝධතා ව්‍යාපාරයකට බස්‌ 50 ක්‌ යෑව්වා. සිසුන්ට දිය යුතු හැමදෙයක්‌ම දීලා තියෙන්නේ. තවත් දෙන්න දෙයක්‌ නෑ. දුන්න දෙයක්‌ ආපසු ගන්නත් බෑ. සයිටම් එක නැවත හරවන්න පුළුවන්ද? මේ උපාධිය පටන් ගත්තේ පසුගිය ආණ්‌ඩුව. දැන් අවලංගු කළ හැකිද?

විපකෂ මන්ත්‍රීවරයෙක්‌ - ජනසතු කරන්න.

කිරිඇල්ල - ඔබලා ඒක පටන්ගත්තේ ජනසතු කරන්නද? ආණ්‌ඩුවේ සිටිද්දී එකක්‌. විපක්‌ෂයට ගියාම තව එකක්‌. ලැඡ්ජා නෑ. ප්‍රතිපත්තියක්‌ නෑ. ස්‌ථාවරයක්‌ නෑ. සයිටම් අහෝසි කරන්නත් බෑ. අහෝසි කරන්නෙත් නෑ. එහෙම අහෝසි කළොත් උසාවි යන්න වෙනවා.

මේ සයිටම් ප්‍රශ්නය විසඳන්න අපිට උදව් කරන්න. රාජ්‍ය, පුද්ගලික අංශ එකට එකතුවී මේ විශ්වවිද්‍යාලය පරිවර්තනය කරමු. ඒක තමයි රටට හොඳ. අනුර කුමාර දිසානායක මහත්තයලා අපට සහයෝගය දෙන්න. සයිටම් එක කොහොමද? විශ්වවිද්‍යාල සිසුන්ට බලපාන්නේ? අධ්‍යාපන ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ආණ්‌ඩුව මිස ශිෂ්‍යයන් නොවේ. සයිටම් පටන් ගත් අයත් අද ඒකට විරුද්ධයි ඉතින් කොහොමද මේකට විසඳුම් දෙන්නේ?

ශිෂ්‍යයෙක්‌ නඩු දමා තිබෙනවා සයිටම් එක වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්න කියලා. ඒ නඩුව ඔක්‌තෝබර් මාසය පුරා දිගටම විභාග කරනවා. ඒ තීන්දුව එනතුරු සිටිමු.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 241277262521802339

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item