වැළිකඩ සොරණවත්තට

වැලිකඩ බන්ධනාගාරය හා එහි අනෙකුත් ඒකක හොරණ සොරණවත්තෙහි ස්ථාපිත කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒඅනුව වැලිකඩ බන්ධනාගාරය හා බන්...

වැලිකඩ බන්ධනාගාරය හා එහි අනෙකුත් ඒකක හොරණ සොරණවත්තෙහි ස්ථාපිත කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒඅනුව වැලිකඩ බන්ධනාගාරය හා බන්ධනාගාර රෝහල, කාන්තාවන්ගේ වාට්ටුව, බන්ධනාගාර නිල නිවාස ඇතුළු එහි අනෙකුත් ඒකක මෙහි ස්ථාපිත කිරීමට නියමිතය.

මේ සඳහා දැනට නාගරික සංවර්ධන අධිකාරියට අයත්, හොරණ පිහිටි අක්කර 28ක විශාලත්වයෙන් යුතු සොරණවත්ත ඉඩම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පවරාදීමටත්, වැලිකඩ බන්ධනාගාරය පිහිටා ඇති අක්කර 38.5ක් විශාල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඉඩම නාගරික සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත බාරදීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතියද හිමිව ඇත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 640504562138841179

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item