ජනපතිට හොඳයි විමල්ට නරකයි

ඊයේ කොලඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය. ජ...

ඊයේ කොලඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය.

ජනපතිට හොඳයි විමල්ට නරකයි

විමල් වීරවංශ මන්ත්‍රීතුමා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා. 2008 වසරේ දී කොටි ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය කරගෙන යන ආණ්ඩුව පෙරලීමට 2007 වසර අවසානයේ තිබුණු අයවැය විවාදයේ දී ජනතා විමුක්ති පෙරමුණ උත්සහා දැරුවා. කොටි ත්‍රස්තවාදය පැරදීමට ක්‍රියාකරන ආණ්ඩුවක් පෙරලීම දේශද්‍රෝහි ක්‍රියාවක්ය කියන මතය පක්ෂය ඇතුලේ ගොඩනැගීමට නොහැකි වුණු නිසා විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඇතුලු පිරිසක් ආණ්ඩුවට එකතු වුණා. ඒ දින වල විමල් වීරවංශ මන්ත්‍රීතුමා මුහුණ දීලා තිබුණු ආරක්ෂක හේතුන් මත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහනයක් ලබා දෙනවා පාවිච්චිය සඳහා.

2010 පාර්ලීමේන්තු ඡන්දෙන් පස්සේ එතුමා අමාත්‍යාංශයක දිවුරුම් දෙනවා. එවිට එතුමාට වාහන ලැබෙන නිසා මේ වාහනය භාර දෙන්න නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙනවා ආරක්ෂක ලේකම් මණ්ඩලයේ දී කියවුනා විමල්ට ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා කියලා ආරක්ෂක කටයුතු පරික්ෂා කරන්න මේ වාහනය තියා ගන්න කියලා. මම හිටපු ආරක්ෂක ලේකම්තුමාගෙන් ඇසුවා මෙවැනි සංවාදයක් වුණාද කියලා එතුමා ඒක සනාත කරලා කිව්වා දිවුරුම් ප්‍රකාශයකින් වුණත් දෙන්න පුළුවන් කියලා.

එහෙම නැතත් ඇමතිවරුන්ට වාහන දීම, ඉන්දන සීමාවන්, දුරකථන භාවිතයේ සීමාවන් සම්බන්දයෙන් 2006 ඔක්තෝම්බර් මාසේ 23 වෙනිදා ජනාධිපති ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද PSA/P1/40 දරන චක්‍රලේඛනයේත් තියෙනවා. මේ චක්‍රලේඛනයේ 28 වන ජේදයේ තියෙනවා. මිට අමතරව සුවිශේෂි ආරක්ෂක හේතුන් මත විශේෂ ආරක්ෂක රථ හා ආරක්ෂක නිලධාරීන් ලබා ගන්නා ගරු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලබා ගන්නා රථ හා නිළධාරින් පිළිබඳව විස්තර මගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන මෙන් කරුණිකව දන්වමි. කවුද කියන්නේ අතිගරු ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා සීමාවක් දානවා ආරක්ෂව පිළිබද ප්‍රශ්න තියෙන අයට, සීමාව ඉක්මවා ගන්න ඕන අයට මාත් එක්ක ඇවිත් සකච්ඡා කරලා තින්දු කරන්න කියලා ඒ චක්‍රෙලේඛනයේම දැනුම් දෙනවා. ජනාධිපති ලේකම්වරයා අත්සන් කරනවා.

ඒ ජනාධිපතිතුමාම තමයි තිරණය කරන්නේ ආරක්ෂක මණ්ඩල ගත්ත තින්දුවක් අනුව සකච්ඡාවට බදුන් වූ කාරණයක් අනුව විමල් වීරවංශ මන්ත්‍රීතුමාට වැඩිපුර එක වාහනයක් ලබා දෙනවා, ඒක අතිශය නිත්‍යානුකුලව ලබා දුන්න වාහනයක්. නමුත් මේවන විට එවැනි හේතු නැතත් ඇමතිවරු විශාල වාහන ගණනක් පාවිච්චි කරනවා. මේ කාරණය මතම 2010 සිට 2015 දක්වා අපේ ආණ්ඩුව සමයේ ආරක්ෂක හේතුන් මත වැඩිම වාහන ගණනක් ලබා දී තිබුණේ වත්මන් ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටයි.

නියමිත වාහන ගණනට වඩා එක වාහනයක් වැඩිපුර වාහනයක් බාවිතා කිරීම මුල්‍ය අපරාධ කොට්ඨාශය අපරාධයක් සේ සලකා විමර්ශනය කරනවා නම්, මුලින්ම ගෙන්විය යුත්තේ මෛත්‍රීපාල ජනාධිපතිතුමන්ය. එදත් අදත් ආරක්ෂක හේතුන් මත වාහන වැඩිපුර දුන්නා නම් ඒවා නිත්‍යානුකූල බවට චක්‍ර ලේඛනයේ තියෙනවා නම් ඇයි මේ විමල් වීරවංශ මන්ත්‍රීතුමාට විතරක් වරදක් වෙන්න බරපතල හේතුවක් තියෙනවා ද?

මේ මොහොතේ ලංකාවේ ජිවත් වන විචිත්‍රවත්ම කතිකයා විමල් වීරවංශ මන්ත්‍රීතුමාය කියලා කියන්න කිසිම විවාදයක් නෑ. එතුමාට ඕනෑම දෙයක් සරල බසින් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකිවන අයුරින් පැහැදිලි කිරීමට තියෙන්නේ සුවිශේෂි හැකියාවක්. මේ ආණ්ඩුවට එතුමාගේ හැකියාව අද බරපතල තර්ජනයක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව උතුරු කොටියටත් දකුණ සුද්දටත් පාවාදෙන ව්‍යාපෘතියට තිබෙන ලොකුම බාධාව විමල් වීරවංශ මන්ත්‍රීතුමා. එතුමාව හිර කරලා මාධ්‍ය, ජනතාව වෙත පැමිණීම යම් කාලයකට හෝ නැවැත්වීමට හැකි නම් ඉදිරියේ දී එන ‍ෆෙඩරල් ව්‍යාවස්ථා, රණවිරුවන් දංගෙඩියට යවන අතුරුදහන් වුවන්ගේ කාර්යාලය, සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගන්නා යෝජනා වල ආදීනව පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ ක්‍රියාවලියට එතුමාගෙන් වෙන බලපෑම අවම කර ගන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා ඇති. නමුත් හිරේ දාලත් මේ කටවල් වහන්න පුළුවන් වුණෙත් නෑ. අපේ වැඩ අඩපන කරන්න ලැබුණෙත් නෑ.

මේ සියල්ල මැද අපිට පුලුවන් වුණා දුෂිත මහබැංකු අධිපතිවරයා ගෙදර යවන්න, වැට් බද්දේ පීඩනය යම්තාක් දුරකට සමනය කරන්න. ඒ නිසා හිරගෙවල් වල කූඩු කලා කියලා විමල් වීරවංශ මන්ත්‍රීතුමා වැනි සුවිශේෂි චරිතයක් නිහඩ කරන්නත් බෑ. එතුමා සමාජයට එල්ල කරන බලපෑම නතර කරන්නත් බෑ. එතුමා ඇතුළු අපි කවුරුවත් අධෛරමත් වෙන්නෙත් නෑ කියලා අපි ආණ්ඩුවට කියනවා. ඔය උපක්‍රමය වැරදිය. දැන්වත් සීලාචාර විදිහට මේ දේශපාලන ගණුදෙනුව බේරා ගන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා.

– අරවින්ද අතුකෝරල



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1655731152179682990

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item