නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි - ඒත් වර්ජනය ක්‍රියාත්මකයි!
සිය ඉල්ලීම් ලැබෙන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර නොකරන බව රාජ්‍ය සේවා කම්කරු නිළධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති...

https://www.sathhanda.com/2016/09/blog-post_603.html
සිය ඉල්ලීම් ලැබෙන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර නොකරන බව රාජ්‍ය සේවා කම්කරු නිළධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති අයි.සී. ගමගේ මහතා පවසන්නේ අද දිනයේත් අඛණ්ඩව වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවා කම්කරු නිළධාරීන්ගේ සංගමය පසුගිය බදාදා දිනයේ සිට වැඩවර්ජනයක නිරත වී සිටියි.
කේසේවෙතත් කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දිනයේ දී කියා සිටියේ කම්කරු නිළධාරීන්ගේ සියලු නිවාඩු අද දිනයේ සිට අවලංගු කර ඇති බවයි.
අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීම පිළිබඳව අවධානය යොමු කොට කම්කරු දේපාර්තමේන්තුවේ කම්කරු නිළධාරීන් අද දිනයේ සිට සේවයට වාර්තා කළ යුතු බව ඇය නිකුත් කළ නිවේදනයෙන් පෙන්වාදී තිබේ.
එසේ වුවද අදාළ නිවාඩු අවලංගු කිරීම නොපිළිගන්නා බවත් සිය ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය සේවා කම්කරු නිළධාරීන්ගේ සංගමයේ සභාපති අයි.සී ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Related