යහපාලන ආණ්ඩුවේ ග්ලයිපොසෙට් තහනම ලිහිල් කරයි
යහපාලන රජය මහජන අනුකම්පාව දිනා ගැනීම සදහා භාවිතා කළ ප්‍රධාන අවියක් වුයේ අහිතකර කෘෂි රසායන තහනම් කිරීමයි. පසුගිය රජය ඒ වෙනුවෙන් යමක් න...

https://www.sathhanda.com/2016/09/blog-post_541.html
යහපාලන රජය මහජන අනුකම්පාව දිනා ගැනීම සදහා භාවිතා කළ ප්‍රධාන අවියක් වුයේ අහිතකර කෘෂි රසායන තහනම් කිරීමයි.
පසුගිය රජය ඒ වෙනුවෙන් යමක් නොකළ බව පැවසු යහපාලන පෙර ගමන් කරුවෝ එය “මෙගා ඩීල්” එකක් ලෙසද හැදින්වුහ.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුර්ණ වල නාශකයක් වූ ග්ලයිපොසෙට් රටට ගෙන්වීම සහ බෙදා හැරීම මුළුමුනින් තහනම් කරන ලදී. ඒ අවස්ථාවේ එසේ නොකරන ලෙස සමාගම් වලින් දැඩි බලපෑමක් එල්ල වූ බවත් ඒ සියල්ල නොසලකා හැර තමන් මහජනතාව වෙනුවෙන් එම පියවර ගත් බවත් ජනාධිපතිතුමා පැවසීය.
කෙසේ වෙතත් සමාගම් සහ ඔවුන්ට හිතවත් උගතුන් කිහිප දෙනා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම රජයට බලපෑම් එල්ල කළේය. එහි ප්‍රතිපලයක් ලෙස ග්ලයිපොසෙට් තහනම ලිහිල් කරමින් උඩරට තේ වගාවට එම රසායනිකය එදීමට අවසර දීමට එකග වූ බව වාර්තා වේ. ග්ලයිපොසෙට් පිළිකා කාරකයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත.
මූලාශ‍්‍රය මෙතනින්
Related