ගමනාගමන කොමිසන් සභාවේ සේවකයන් වර්ජනයකට සුදානම්

සිය ගැටලුවලට විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩව වැඩවර්ජනයක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සේවකයන් පවසනවා. ...

සිය ගැටලුවලට විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩව වැඩවර්ජනයක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සේවකයන් පවසනවා.

එහි ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ඩී.එන්. වෙත්තසිංහ සඳහන් කළේ අද (27) පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණා.

ඒ ගමනාගමන කොමිසන් සභාවේ වෘත්තිය සමිති නියෝජිතයන් සහ සභාපතිවරයා අතරයි. ඊට අධ්‍යක්ෂ ජනරාල්වරයාද සහභාගිවිමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් සාකච්ඡාවට සහභාගිවීමට පැමිණි වෘත්තීය සමිති නියෝජිතයන් පලවා හැරීමට සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබුණා.

එම නිසා පැය දෙකකට අධික කාලයක් ඔවුන් කාර්යාල අඩස්සියේ තැබීමටයි ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සේවකයන් කටයුතු කළේ.

තම ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් කඩිනම් විසඳුමක් නොලැබුණහොත් වර්ජනයක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ඞී.එන්. වෙත්තසිංහ සඳහන් කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4482855267730498580

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item