ලසන්තගේ දේහය යළි ගොඩගන්න අවසරයි!
ඉකුත් පාලන සමයේ ඝාතනයට ලක්වූ ප්‍රවීණ මාධ්‍යවේදී,සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ මෘත දේහය යළි ගොඩගැනීමට අධිකරණය විසින් අවසර ලබ...

https://www.sathhanda.com/2016/09/blog-post_628.html
ඉකුත් පාලන සමයේ ඝාතනයට ලක්වූ ප්‍රවීණ මාධ්‍යවේදී,සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ මෘත දේහය යළි ගොඩගැනීමට අධිකරණය විසින් අවසර ලබාදී තිබේ.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙම අවසරය ලබාදුන් බව වාර්තා වෙනවා.
ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයෙන් පසු දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවත්, රෝහලේදී සිදුකළ ශල්‍ය කර්මය පිළිබඳ වාර්තාවත්, ඝාතනය වූ ස්ථානය සම්බන්ධයෙන් ලබාගෙන ඇති රස පරීක්ෂක වාර්තාවත් අතර යම් යම් පරස්පරා පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වා දී තිබේ.
ඒ අනුව මෙම පරස්පරතාවන් සම්බන්ධයෙන් අවධානය යොමුකොට තවදුරටත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා දේහය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය බවට අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව මෙලෙස දේහය ගොඩගැනීමට අවසර ලබාදී ඇත.

Related