වියලි කාලගුණික තත්ත්වයට මුහුණදීමට සූදානම්
මේ දිනවල පවතින වැසි රහිත වියළි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත‍්‍රය නිසි කලමණාකාරීත්වයක් මත පවත්වාගෙනයාමට සූදානම් බව විදුලිබල හා පු...

https://www.sathhanda.com/2016/09/blog-post_660.html
මේ දිනවල පවතින වැසි රහිත වියළි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත‍්‍රය නිසි කලමණාකාරීත්වයක් මත පවත්වාගෙනයාමට සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඔහු මෙම අදහස් පළකළේ අද (20) පෙරවරුවේ ඛනිජතෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පැවති නිල සාකච්ඡාවකට සහභාගී වෙමිනි. පවතින වියලි කාලගුණික තත්ත්වය මත විදුලි උත්පාදන ජල පෝෂකයන්ට ඇතිවන අහිතකර බලපෑම් මත, ජල විදුලි උත්පාදනය වෙනුවට විකල්ප බලශක්ති උත්පාදනයන්ට යොමුවිය යුතු බවත්, එසේ යොමුවීමේදී ඒ සඳහා තම අමාත්‍යාංශය වෙතින් අවශ්‍ය සහාය උපරිම වශයෙන් සපයන බවත් මෙම සාකච්ඡුාවේදී ඛනිජතෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවසීය.
Related