එක්නැලිගොඩ නඩුවේ සැකකාර හමුදා සාමාජිකයින්ට ඇප ගන්න මුදල් එකතුකිරීම අද ඇරඹෙයි
එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇප නියම වූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සිව් දෙනාගේ ඇප මුදල් ග...

https://www.sathhanda.com/2016/09/blog-post_856.html
එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇප නියම වූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සිව් දෙනාගේ ඇප මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ අද උදෑසන 9 යි 30ට බත්තරමුල්ලෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.
ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සිව් දෙනා ඇප මත මුදාහැරීමට අවිස්සාවේල්ල මහාධිකරණය ඉකුත් සඳුදා නියෝග කළා. ඒ, එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. කෙසේ වෙතත් අදාළ ඇප නියෝගය අවිස්සාවේල්ල මහාධිකරණයෙන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ලැබී නොතිබීම හේතුවෙන් බුද්ධි අංශ සාමාජිකයින් සිව් දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
Related