පිලිපීන ජනාධිපතිගේ ප්‍රකාශයකින් ඔබාමා කිපෙයි
පිලිපීන ජනාධිපතිවරයා ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාම ගණිකාවකගේ පුතෙකු බවට හඳුන්වමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පිලිපීන ජනාධිපතිවරයා සමග පැව...

https://www.sathhanda.com/2016/09/blog-post_77.html

පිලිපීන ජනාධිපතිවරයා හා ඔබාමා අතර මෙම හමුව සිදු වීමට නියමිතව තිබුණේ ලාඕසයේ පැවැත්වෙන ආසියාන් සමුළුවට සමගාමීව බව පැවසේ. කෙසේ වෙතත් පිලිපීන ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සිදු කිරීමට ආසන්න හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.
රොද්‍රිගෝ ඩුටරේට් මීට මාස දෙකකට පෙර පැවැති ජනාධිපතිවරණයෙන් පිලිපීන ජනාධිපතිවරයා බවට පත් වූ අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ආරම්භ කර ඇති මෙහෙයුම්වලදී මේ දක්වා පුද්ගලයින් 2400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
දකුණු චීන මුහුදේ ආන්දෝලනාත්ම දූපත් අයිතිය සම්බන්ධයෙන් මේ වනවිට පිලිපීනය හා චීනය අතර මතභේදාත්මක තත්වයක් මතුව ඇති අතර චීනය චෝදනා කරන්නේ පිලිපීනය පිටුපස ඇමෙරිකාව ක්‍රියාත්මක වන බවයි. එසේ තිබියදී පිලිපීන ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය දැඩි ආන්දෝලනයක් මතු කිරීමට සමත් ව තිබේ.
Related