තාජුඩීන් ඝාතන සීසීටීවී පැහැදිලි නැතැයි කැනඩාවෙන් දන්වයි
රගර් ක්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ සී.සී.ටී.වී. දර්ශනවල ඇතුළත් දත්ත පැහැදිලි නැතැයි එය පරීක්ෂාව පිණිස යවන ලද කැනඩාවේ ආයතනය ලංකාවේ...

https://www.sathhanda.com/2016/09/blog-post_87.html

කැනඩාවේ වාන්කුවර් හි පිහිටි forensic video and Surveillance Technology laboratory British Colombia Institute of technology ආයතනයේ පාඨමාලා ප්‍රධානී ඬේවිඞ් මැකී විසින් ලිඛිතව මෙම කරුණු අධිකරණය වෙත වාර්තා කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඝාතනයට අදාළ සී සී ටී වී දර්ශන ඇතුළත් සී.ඩී. තැටි 10ක් සමග ප්‍රශ්න 36කින් යුතු ප්‍රශ්නාවලියක් යොමු කරනු ලැබුවේ ඉකුත් 22 වැනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී සී.ඩබ්. වික්‍රමසේකර සහ උ.පො.ප. රත්නප්‍රිය යන නිලධාරීන් දෙදෙනා එම ආයතනය වෙත පිටත්ව ගොස් නැවත ඉකුත් (31) එම විශ්ලේෂණ වාර්තාව අධිකරණය වෙත භාරදෙනු ලැබූවේ මෝෂන් පත්‍රයක් මගිනි.
මෙම සංයුක්ත තැටිවල අඩංගු වීඩියෝ දර්ශනවල විභේදනයේ (resolution) අඩුවීමත්, මෙම දර්ශන මුල් දර්ශනවලින් පටිගත කිරීමේදී අත්‍යවශ්‍ය යැයි හැඟෙන ඇතැම් කරුණු මැකී ඇතැයි අනුමාන කළ හැකි බවත්, ඒ මහතා සිය විශ්ලේෂණ වාර්තාවෙන් සඳහන් කර ඇත.
එමෙන්ම, මෙම සංයුක්ත තැටිවල අඩංගු දර්ශනවලට වාහනවල ප්‍රධාන ලාම්පුව වැදී තිබීම නිසා අදාළ වාහනවල අංක තහඩු පැහැදිලිව හඳුනා ගත නොහැකි බවත්, මෙහි පින්තූරවල ඇති (pixels) පික්සල් හි ඇති අපහැදිලිතාව නිසා හරියාකාර නිගමනයකට පැමිණිය නොහැකි බවත් එම වාර්තාවේ සඳහන් වෙයි. වාහනවල ඇතුළත සම්බන්ධයෙන් විමසීමේදී වීදුරුවකින් වැසී තිබීම නිසා සී.සී.ටී.වී. දර්ශන වීදුරුවකින් තවත් වීදුරුවක් හරහා හඳුනාගැනීමට හැකියාවක් නොමැති බවක්ද ඬේවිඞ් මැකී සිය වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත.
Related