එජාපයට 70 යි - මෛත්‍රී ප්‍රධානත්වයෙන් මහා රැළියක්
එක්‌සත් ජාතික පක්‍ෂයේ 70 වැනි සංවත්සරය අදට (06 දාට) යෙදී තිබේ. 1946 වසරේ සැප්තැම්බර් 6 වැනිදා මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී. එස්. ස...
https://www.sathhanda.com/2016/09/70.html
එක්‌සත් ජාතික පක්‍ෂයේ 70 වැනි සංවත්සරය අදට (06 දාට) යෙදී තිබේ. 1946 වසරේ සැප්තැම්බර් 6 වැනිදා මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී. එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය බිහිවිය.
එක්‌සත් ජාතික පක්‍ෂය එදා සිට අද දක්‌වා විටින් විට ශ්‍රී ලංකාවේ බලය හොබවා තිබේ. පක්‍ෂයේ ජන්ම දිනය වන අද විශේෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමක් ද කැඳවා තිබේ.
එජාපයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් ලබන 10 වැනිදා පෙරවරු 9.00 ට කැම්බල් පිටියේදී මහා රැලියක් පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිතයා වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.
එක්‌සත් ජාතික පක්‍ෂයට වසර 70 ක් පිරීම නිමිත්තෙන් මෙවර ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. පක්‍ෂ සංවත්සරයට සමගාමීව පසුගිය 03 වැනිදා සෑම මැතිවරණ ආසනයකම බෝධි පූජා වැඩසටහන් පැවැත්විණි.
04 වැනිදා එජාප මූලස්‌ථානය වන සිරිකොත මන්දිරයේදී වරු පිරිතක් ද පැවැති අතර ඊයේ (05 දා) මහා සංඝරත්නය 70 නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්විණි.

Related