බම්බලපිටියේ ව්‍යාපාරිකයා මරා දැමීම අහම්බයක්? - දැනට හෙළිවූ කරුණු

බම්බලපිටිය කෝටිපති ඇඟලුම් ව්‍යාපාරික මොහොමඩ් සාහිඩ් සුලෙයිමාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය එම සිද්ධියට සම්බන්ධ...

බම්බලපිටිය කෝටිපති ඇඟලුම් ව්‍යාපාරික මොහොමඩ් සාහිඩ් සුලෙයිමාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


ප්‍රධාන සැකකරු ලෙස සුලෙයිමාන්ගේ ගිණුම් ලිපිකරුවකු ද මොහමඩ් නසීර් ඛාන් නැමැති 23 හැවිරිදි පුද්ගලයෙක් හා මොහමඩ් ශිනියා මොහමඩ් නැමැති 22 පුද්ගලයෙක් එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මොහමඩ් නසීර් ඛාන් නැමැත්තා මාලු කපන්නෙකි. පදිංචිය සේදවත්තේය. මොහමඩ් ශිනියා මොහමඩ් පදිංචි ආදුරුප්පු වීදියේය. ඔහු රැකියාවෙන් නාට්ටාමි කෙනෙකි. මොහමඩ් සුලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය මුලින්ම සැක කරනු ලැබුවේ ඔහුගේ ව්‍යාපාරික සගයන්ය.

ඔහු විසින් ණය ලබා ගත් හා ඔහු ණයට මුදල් දුන් ව්‍යාපාරිකයන් හා ඔහුගේ සෙල්ලක්කාර ජීවිතය සම්බන්ධව විරෝධතාවය පල කළ මවු පාර්ශවයේ ඥාතීන්ය. මේ ව්‍යාපාරිකයන් 5 දෙනෙක් සම්බන්ධව සැක පහළ කළ පොලිසිය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අත්හිටවූයේය. පොලිසිය මුලින්ම විශ්වාස කළේ මෙය කප්පම් ගැනීමක් නොව, වෙනත් අරමුණක් නිසා කළ ඝාතනයක් බවය.

එහෙත් හෙළිවෙමින් ඇති තොරතුරුවලට අනුව මේ මරණය සිදුව ඇත්තේ කප්පම් ගැනීමක් මුල් කරගෙනය.

මොහමඩ් නසීර් ඛාන්හි නැමැති මාලු කපන්නා සහ මොහමඩ් ශිනියා මොහමඩ් නැමැති ආදුරුප්පු වීදියේ නාට්ටාමි විසින් කර ඇත්තේ කොන්ත්‍රාත්තුවකි. මේ කොන්ත්‍රාත්තුව ඔවුන් දෙදෙනාට ලබා දී ඇත්තේ මිය ගිය ව්‍යාපාරිකයාගේ සමීපතමයෙක් වන ඔහුගේ ලේකම්වරයෙක් විසිනි . එම තැනැත්තා ව්‍යාපාරික මොහමඩ් සුලෙයිමාන්ගේ සියලු වත්කම් ගැන දැනගෙන සිටියේය.

පැහැර ගැනීමේ කොන්ත්‍රාතුව ලබා ගත් දෙදෙනා විසින් ව්‍යාපාරිකයා පැමිණෙන තුරු ඔහුගේ නිවස අසල රැකගෙන සිට ඇත. පැහැර ගැනීමට තැත් කිරීමේදී මිය ගිය ව්‍යාපාරික මොහමඩ් සුලෙයිමාන් මේ දෙදෙනා සමග පොර බදා ඇත. එහිදී ඔහුව පාලනය කර ගැනීම සදහා කප්පම්කරුවන් එල්ල කළ පහරක් මාරාන්තික වී තිබේ.

එහෙත් ඒ බව නොදත් කප්පම්කරුවෝ සුලෙයිමාන්ව පැහැරගෙන යද්දී ඔහු මියගොස් ඇත. කප්පම්කරුවන් කප්පම් මුදල් ඉල්ලා ඇත්තේ සුලෙයිමාන් මරණයට පත්වූ බව නොදැනය.

සුලෙයිමාන්ව පැහැරගත් පුද්ගලයන් ඔවුන්ව මෙහෙයවූ කප්පම්කාර අපරාධකාරයාගේ මෙහෙයවීමෙන් ඒ වනවිට මාවනැල්ල ප්‍රදේශය වෙත ගමන් කරමින් සිට ඇත. පැහැරගත් පුද්ගලයා මිය ගොස් ඇති බව දැනගත් වහාම මේ අපරාධකරුවන් ඔහුගේ මිනිය මාවනැල්ල රුකුලාගම මංසන්ධිය අසල වෙලකට ඇද දමා පලා ගොස් තිබේ.

සිද්ධිය පිළිබද බොහෝ තොරතුරු අද (02) වනවිට හෙළිදරවු කරගත හැකි වනු ඇති බවත්, තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 688000635562397784

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item