ජනපදනමක්‌ නැති මෛත්‍රිපාලට ශ්‍රීලනිප අයිතිය දෙන්නේ ඇයි

අපි ඊළඟට මැතිවරණයට යා යුත්තේ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අනුවයි. ශ්‍රීලනිප ජනාධිපතිවරයා තියාගන්නවා නම් අපි පක්‌ෂය නව ලකුණක්‌ යටතේ කරගෙන යම...

අපි ඊළඟට මැතිවරණයට යා යුත්තේ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අනුවයි. ශ්‍රීලනිප ජනාධිපතිවරයා තියාගන්නවා නම් අපි පක්‌ෂය නව ලකුණක්‌ යටතේ කරගෙන යමු. ජනපදනමක්‌ නැති මෛතිss්‍රපාලට අපි ශ්‍රීලනිප අයිතිය දෙන්නේ ඇයි. බණ්‌ඩාරනායක මැතිනිය ඇතුළු නායකයන්ගේ උරුමය ඇති පක්‌ෂය මෛත්‍රිට දෙන්නේ ඇයි? අප අද කළ යුතුව ඇත්aතේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මෛත්‍රි ප්‍රමුඛ යූ. එන්පියෙන් බේරා ගැනීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් සහ රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා 3 දා මෙසේ ප්‍රකාශ කළේ බුත්තලදී පැවැති පක්‌ෂ ක්‍රියාකාරීන්ගේ රැස්‌වීමක්‌ අමතමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේa බුත්තල වැල්ලවාය බල මණ්‌ඩලයේ සභාපති රෝහිත ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්‌වීම පැවැත්විණි.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වාසුදේව නානායක්‌කාර මහතා මෙසේද පැවැසීය.

අද ආණ්‌ඩුව සමඟ ජන විරෝධයක්‌ ගොඩනැඟෙමින් පවතිනවා. මේක දේශනාශක ආණ්‌ඩුවක්‌ නම් අප කල්පනා කළ යුත්තේ මෙයට නිසි ආකාරයට අභියෝග කරන්නේ කෙලෙසද කියායි. කොහොමද මේ පාලනය අවසන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අප වඩ වඩාත් දැනුවත් විය යුතුයි. ගැඹුරින් දැනුවත් විය යුතුයි. අපි එක්‌තරා ආකාරයකට ජනතාවට වගකියන පුද්ගලයන් විය යුතුයි. අප ජනතාව සමඟ එක්‌වී කළ යුත්තේ කුමක්‌ද?

පසුගිය කාලය තුළ විටින් විට අපි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සමඟ එකතු වී යම් යම්දේ ක්‍රියාත්මක කර පෙන්නුවා. ඒවා තුළින් ශ්‍රීලනිපයට විශාල බලයක්‌ ඇති බව තහවුරු වුණා. අපට පැහැදිලිව පෙනෙන දෙයක්‌ තමයි ශ්‍රීලනිපයේ විශාල පිරිසක්‌ ඉන්නේ මහින්ද සමඟ එකතු වී මේ ගමන යන්නයි.

පළාත් පාලන ඡන්දයේදී අත ලකුණ සහිතව මෛත්‍රි නියෝජිතයන් දානවා. මෛත්‍රිට තියෙනවා නම් යම් ජනබලයක්‌ එය අද යූඇන්පියට ගැට ගහලා. වෙනම ඉල්ලුවොත් මෛත්‍රිගේ බලය කැඩෙනවා. එදා අපි පැරැද්දුවේ එකට ඉඳලා දෙකට කැඩුණත් ප්‍රශ්නයක්‌ නැහැ.

අපි ඡන්දයට යායුත්තේ ඒකාබද්ධ විපක්‌ෂය ලෙසයි. ඒකාබද්ධ විපක්‌ෂය කියන්නේ ජීවමාන සාධකයක්‌. මේක නීතියෙන් කටුගාන්න කාටවත් බැහැ. තරග කරන්න ලකුණක්‌ අවශ්‍යයි. එය තාක්‌ෂණික ප්‍රශ්නයක්‌. මේක බරපතළ දේශපාලන ප්‍රශ්නයක්‌ විදියට හිතන්න එපා. අපිට ඕනම නමක්‌ දාගෙන තරග කරන්න පුළුවන්. අප මැතිවරණයට තරග කරන කොට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‌ෂය යනුවෙන් හැම බැනරයකම සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය යන කොටස නිතරම ඒකාබද්ධ විපක්‌ෂය සමඟ තිබිය යුතුයි. මේක තේරුම් නොගෙන ඡන්දදායකයින් ඔළුව අවුල් කර ගත්තොත් එයින් සිදුවන්නේ විශාල පාඩුවක්‌. අපි ඒ තත්ත්වය වළක්‌වා ගත යුතුයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අපට අයිති නෑ කියන එක අපි නොකිය යුතුයි. අපි නිතරම කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය යූඑන්පී කියන කොටුවෙන් බේරා ගන්නයි.

ශ්‍රීලනිප ප්‍රතිපත්ති පාවා දීලා පුළුවන්ද යූඑන්පියේ කොටස්‌කරුවන් වන්න. මෛත්‍රිලාට එහෙම වුණොත් වෙන්නේ ඉතිහාසයේ හිටපු තැනට යන්නයි. ඒ කියන්නේ ඉතිහාසේa කුණුගොඩට යන්න.

වහාම ඡන්දය පැවැත්විය යුතුයි. ඒවා නවත්වන්න ඇමැතිවරුන්ට බැහැ. ඡන්දය නොතියා ඉන්න බැහැ. අපට මේ නඩුව දිනන්න පුළුවන්. කුමන දෙයක්‌ වුණත් නියමිත කාර්ය ක්‍රමයක්‌ තියෙනවා. එයින් පිට වැඩ කරන්න බැහැ.

අපට දැන් තියෙන වැඩේ තමයි ප්‍රදේශයෙන් ප්‍රදේශයට වසමෙන් වසම ජන බලවේගයක්‌ හදන එක. මෙය සභාවෙන් සභාව කළ යුතුයි. බල ප්‍රදේශයෙන් බල ප්‍රදේශය කළ යුතුයි. අපි ඒ ඒ පැතිවලට පළාත්වලට බෙදී ගිහින් මේ දේ කළ යුතුයි. රටේ ඉන්න අහිංසක මහජනතාව දන්නේ නැහැ මහින්දගේ කොඩිය උස්‌සාගෙන ගියාට කාටද දෙන්නේ කියලා. අපි අන්න ඒක ගැන නිවැරදි පැහැදිලි අවබෝධයක්‌ රටේ ජනතාවට දිය යුතුයි.

අද පරිපාලනයේ ඉන්න අය ගැන බැලුවොත් කවුද මේ අය කියලා දැනගන්න පුළුවන්. මේ අය ගම්වල හිටිය පුංචි මිනිස්‌සුන්ගේ දරුවෝ. බලන්න 1956 ඇති වුණ සමාජ පරිවර්තනය. එක්‌දහස්‌ නවසිය තිස්‌ ගණන්වල ඇති වුණ ජන අරගල. 1970 සමගි පෙරමුණු රජය. 2005 මහින්දගේ සන්ධාන රජය. මේවා දෙස හැරී බැලුවොත් කොතරම් වෙනස්‌ද සමාජ සිතියම. විශ්වවිද්‍යාල හතරක්‌ පහක්‌ ඇත් වුණා වගේම සිංහල බසින් උසස්‌ පෙළ ලියලා ඉහළට යන්න අවස්‌ථාව උදා වුණා.

දුටුවද මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. රනිල්ගේ කතා තුළ තියෙන්නේ වෙළඳපළ ක්‍රියාකාරීන්ට තරග කර දිනිය යුතුයි කියලා. සමාජ වෙළෙඳපළ ආර්ථිකය මේක ඒa අයගේ වචනයක්‌. මහින්ද මහත්තයා අඩු මිලට පොහොර ජනතාවට දෙමින් ගැමියන්ගේ ජීවන තත්ත්වය නංවන්න උත්සහ කළා. අද අලෙවියේ ගැටලු තියෙන වී ගබඩා වසා දමලා. වෙළෙන්දොa තරගයට වී ගන්නේ කිලෝව රුපියල් 24.00 යි 25.00 යි. හාල් මිල වැඩියි. රුපියල් හැටයි. ගොවීයන් හා පාරිභෝගිකයන් මේ තත්ත්වය හමුවේ යටවෙලා.

අප අපගේ සටන මේ ආණ්‌ඩුව අවසන් කිරීම දක්‌වා යා යුතුයි. මේ සඳහා සමාජ විඥනය දියත් කළ යුතුයි. ජනතා විරෝධී ජන බලය ඒකරාශී කළ යුතුයි. එදා පාර්ලිමේන්තුවේ විපක්‌ෂයේ වාඩි වුණාට අපේ 52 පිළිගන්න බෑ කිව්වා. අපි පාර්ලිමේන්තුව අවුල් කළා. කිසි වැඩක්‌ කරන්න දුන්නේ නැහැ. අපිs කාටවත් යටත් විය යුතු නැහැ. ස්‌වභාවය ඒකයි. කිසිවෙකුට එය වෙනස්‌ කරන්න බැහැ.

බටහිර යෝජනාවලට එකතුවෙලා සංහිඳියා වැඩපිළිsවෙළක්‌ ස්‌වෛරීභාවයෙන් කොටසක්‌ දෙන්න සූදානම්. ඇත්ත වශයෙන්ම ඒක ඒකීය රට කැඩීමක්‌. අද බලන්න විදේශ ඇමැති අපේ නිදහස පාවා දීලා. මේ යෝජනා කටු ගා දැමිය යුතුයි.

නැතිවූ අය ගැන හොයන්න. අපි ඒවාට කැමතියි. අද එන්ජීවලට ඕන හැටියට පොලිස්‌ හා අධිකරණ බලතල දෙන්න සූදානම් වෙලා. ඩයස්‌පෝරාවේ උවමනාවල්වලට පාවා දෙන ජාතික නිදහස අපි දිනා ගත යුතුයි. එක්‌සත් කළ යුතුයි. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් මෙය කළා. අපි එකම ලාංකීය ජාතියක්‌ විය යුතුයි. අද මධ්‍යම රජයට යටත් නැති පාලන බලයක්‌ උතුරේ ඉල්ලනවා. අද පවතින ඇතැම් දෙමළ ප්‍රශ්න දඩමීමා කරගෙන ජාතිවාදීන් සිය උවමනාවන් ඉටු කරගන්න බලනවා. දෙමළ ජාතිවාදී බලවේගයන් අධිරාජ්‍ය විරෝධී බලයක්‌ කරා ගෙන යා යුතුයි. අප ඒකාබද්ධ ජාතියක්‌ බව ඔවුන්ට කිව යුතුයි. අපි දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දී අධිරාජ්‍ය විරෝධී බලවේගයක්‌a බවට පත් විය යුතුයි. සැබෑ හැඟීමක්‌ සහිත ප්‍රජාතන්ත්‍රවාදයක්‌ අපි මේ රටේ ඇති කළ යුතුයි. අද පාර්ලිමේන්තුවට යා හැක්‌කේ මුදල් වියදම් කළ හැකි අයටයි. සාමාන්‍ය ජනතාවටත් පාර්ලිමේන්තුවට යා හැකි ක්‍රමයක්‌ කරා අප යා යුතුයි.

මේ රටේ ජනතාවගෙන් 35% ක්‌ කෘෂිකර්මයෙනුයි යෑපෙන්නේ. අද මේ ගොවිතැනින් ගොවියාට අත්වන සහනයක්‌ නැහැ. ගොවියා ලබන්නේ ලෙව කන ප්‍රතිඵලයක්‌. මේ තත්ත්වය වෙනස්‌ කරන්න නම් ගොවිජන විප්ලවයක්‌ කළ යුතුයි. ධනපති සහ වෙළෙඳ ප්‍රජාව ගොවියා මංකොල්ලකමින් සිටිනවා. එක්‌සත් නොවී මේ රට දියුණු කරන්න බැහැ.

මොනරාගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සුනිල් අලුත්ගොඩ, සංවිධායක ලේකම් පද්මදාස, හිටපු අධ්‍යාපන අධ්‍යක්‌ෂ සිරිවර්ධන නන්දසේන නාගොඩවිතාන යන මහත්වරු අදහස්‌ දැක්‌වූ අතර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභික රෝහිත ජයකොඩි, හිටපු පළාත් සභා අපේක්‌ෂක මිල්ටන් සිසිර ජයන්ත යන මහත්වරුද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1923882915598067126

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item