ඇපිල් කළත් දුමින්දට එළියට එන්න බැහැ

භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ඊයේ (08) ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කළ ද මරණ දඬුවමට නියම වූ කිසිවෙකුට ඇප ලබා ...

භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ඊයේ (08) ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කළ ද මරණ දඬුවමට නියම වූ කිසිවෙකුට ඇප ලබා ගැනීමට නොහැකි බව නීතිඥවරුන් පෙන්වා දෙනවා.

මහාධිකරණයේ තීන්දුව වූයේ මෙම නඩුවේ චූදිතයන් දහතුන් දෙනාගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමටයි. ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් ඒ අනුව අභියාචනයක් ගොනු කරන බවත් චූදිතයින්ගේ නීතිඥවරුන් පසුව කියා සිටියා.

එවැනි අභියාචනයක් කරන ලද අවස්ථාවක දී චූදිතයන්ට ඇප ලබාගෙන නිදහස් වීමට ද අවස්ථාවක් ලැබෙන්නේදැයි නෙත් නිව්ස් වැඩිදුර විමසීමක් කළා. ඊට පිළිතුරු දුන් නීතිඥ යූ. ආර්. ද සිල්වා පවසා සිටියේ අභියාචනය අවසන්ව තීන්දුවක් ලැබෙනතෙක් ඇප නොලැබෙන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4635257604724967027

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item