'දෙමළ ජනතාවනි නැගිටිව්' විරෝධතාව ඇරඹෙයි - යාපනයේ කටයුතු අඩාලයි (PHOTOS)

'එළුඟ තමිල්' නොහොත් දෙමළ ජනතාවනි නැගිට්ව් මහා විරෝධතාව මීට සුළු මෙහොතකට පෙර යාපනය නගරයේ ස්ථාන දෙකකින් විශාල පිරිසකගේ සහභාගීත්වය...


'එළුඟ තමිල්' නොහොත් දෙමළ ජනතාවනි නැගිට්ව් මහා විරෝධතාව මීට සුළු මෙහොතකට පෙර යාපනය නගරයේ ස්ථාන දෙකකින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වුණි.

යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටින් හා යාපනය සරසවිය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පෙලපාලි මේ වන විට විරෝධතා පාඨ කියමින් පාගමනින් ගමන් කෙරෙන අතර යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිත වූ විරෝධතාවය මෙතෙක් ආරම්භ වී නොමැත.

අද (24) උදෑසන සිට යාපනයේ සියලුම වෙළඳ සැල් වසා වෙළෙන්ඳන් ද මෙම විරෝධතාවට සහය පළ කර සිටි අතර යාපනයේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද බස් ධාවනයෙන් ඉවත් වී විරෝධතාවයට සහය දැක්වීය.

දිනය පුරාවට යාපනය දිස්ත්‍රික්කයේ ගමනාගමන පහසුකම් සඳහා ධාවනය වන්නේ ලංගම බස් රථ පමණි.

උතුරු මහ ඇමති සී.වී. විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 'දෙමළ ජනතා සභාව' විසින් සංවිධානය කළ මෙම විරෝධතා වැඩසටහන උතුරු පළාතේ සිංහල ජනතාව අලුතින් පදිංචි කිරීමට විරුද්ධව, උතුරු පළාතේ බෞද්ධයන් නොමැති ස්ථානයන්හි බුදු පිළිම ස්ථාපිත කිරීම නවතා දැමීම, උතුරු පළාත තුළ ආරක්ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කිරීම සඳහා රජයට බල කිරීම වශයෙන් ඉල්ලීම් රැසක් මුල්කර ගත්තකි.

විරෝධතාකරුවන් පෙලපාලි මගින් ගමන් කොට අවසානයේ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනය අසල පිහිටි මුත්තුවේලි ක්‍රීඩාංගනයට එක් වීමට කටයුතු යොදා ඇති අතර එහිදී උතුරු මහඇමතිවරයා ජනතාව ඇමතීමට නියමිතය.

ඡායාරූප පහතින්.












වන්නි - රොමේෂ් මධුෂංඛ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6879005755992136127

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item