වවුනියාවේ පාසලකින් යුද උපකරණ මතුවෙයි (PHOTOS)

යුද සමයේදී කොටි සංවිධානයේ පිස්තෝල කල්ලිය විසින් භාවිතා කරන ලද යුද උපකරණ තොගයක් වව්නියාව බණ්ඩාරිකුලම් විපුලානන්ද පාසල් ඉඩමේ වලදමා තිබි...



යුද සමයේදී කොටි සංවිධානයේ පිස්තෝල කල්ලිය විසින් භාවිතා කරන ලද යුද උපකරණ තොගයක් වව්නියාව බණ්ඩාරිකුලම් විපුලානන්ද පාසල් ඉඩමේ වලදමා තිබියදී අද (22) හමුවූ බව වව්නියාව පොලීසිය පවසයි.

එම පාසල් ඉඩමෙහි ගොඩනැගිල්ලක් ඉදිකිරීම උදෙසා පස් කපන යන්ත්‍රයක් මගින් පොළව හාරමින් සිටියදී අඩි 04 ක් පමණ උසැති නිල් පැහැති ප්ලාස්ටික් බැරලයක් මතුව ඇති අතර පසුව එය පරික්ෂා කිරීමේදී පිස්තොල රඳවනක් නොහොත් පූචස් කට්ටලයක් එම බැරලයේ තිබී හමු වී ඇත.

පසුව මේ පිළිබඳව වව්නියාව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිසිය එම බැරලය පරික්ෂා කිරීමෙන් පසු දැනුම් දී ඇත්තේ තවත් යුද උපකරණ තිබිය හැකි බැවින් පාසල් කටයුතු අවසන් වූ පසුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අදාල ස්ථානයට ගෙනවා එම ස්ථානය පරික්ෂා කිරීමට පියවර ගන්නා බවටයි.

වව්නියාව පොලිසිය අදාල ස්ථානයට මේ වන විට ආරක්ෂාව සපයා ඇති අතර එම ස්ථානයේ තවත් පුපුරණ ද්‍රව්‍ය තිබිය හැකි බවටත් අදාල යුද උපකරණ තොගය යුද සමයේදී වව්නියාවේ සිටි කොටි පිස්තෝල කල්ලි සාමාජිකයින් විසින් වළලන්නට ඇති බවටත් සැකපළ කරයි.

වව්නියාව පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුරට විමර්ශන මෙහෙයවයි.

ඡායාරූප පහතින්.







වන්නි - රොමේෂ් මධුෂංඛ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5594199610837742577

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item