මුහුණුපොතේ පොලිස්පතිගේ නම විකිණු හොර පොලිස්පති කොටුකරගත් මෙහෙයුම මෙන්න

මහනුවර පදිංචි කිරිබබුලේ චූලාවතී ගෙදර මංජුලා චතුරි ප්‍රියදර්ශනී නමැත්තිය ෆේස්‌බුක්‌ ගිණුමක්‌ පවත්වාගෙන ගියේ කලෙක සිටය. මෙම ෆේස්‌බුක්‌ ගිණු...

මහනුවර පදිංචි කිරිබබුලේ චූලාවතී ගෙදර මංජුලා චතුරි ප්‍රියදර්ශනී නමැත්තිය ෆේස්‌බුක්‌ ගිණුමක්‌ පවත්වාගෙන ගියේ කලෙක සිටය. මෙම ෆේස්‌බුක්‌ ගිණුම හරහා ඇය නොයෙකුත් මිතුරු මිතුරියන් රාශියක්‌ සමඟ මිතුදම් ගොඩනඟාගෙන සිටියාය.

මීට මාස කීපයකට පෙර එක්‌තරා දිනක මංජුලාගේ ෆේස්‌බුක්‌ ගිණුම වෙත හරි අපූරු ඇරයුමක්‌ ලැබී තිබුණේ ඇය පුදුමයටත්, ප්‍රීති ප්‍රමෝදයටත් පත් කරමින්ය. මංජුලා වෙත මෙම ඇරයුම ලැබී තිබුණේ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන පූජිත් ජයසුන්දර මහතාගෙන්ය.
ෆේස්‌බුක්‌ ගිණුම හරහා රටේ පොලිස්‌පතිවරයා සමඟ මිතුදමක්‌ ගොඩනඟා ගැනීමට හැකිවීම තමන් ලැබූ විශාල භාග්‍යයක්‌ බව ඇයට සිතිණි.

පොලිස්‌පතිවරයාගේ ෆේස්‌බුක්‌ ගිණුමේ ඇති ඡායාරූප ඇතුළු අනෙකුත් තොරතුරු පරීක්‍ෂා කළ මංජුලා, එය පොලිස්‌පතිවරයාගේ බව තහවුරු කර ගත්තාය.

පසුව මංජුලා එම ඇරයුමට ප්‍රතිචාර දැක්‌වූවාය. පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ ෆේස්‌බුක්‌ ගිණුම හරහා සංවාදයකට (Cය්එ) ඇරයුමක්‌ ලැබෙන්නේ මංජුලා තව තවත් පුදුමයට පත් කරමින් ය. ෆේස්‌බුක්‌ වෙබ් අඩවිය ඔස්‌සේ පූජිත් ජයසුන්දර මහතා දැන හඳුනා ගත් මංජුලා ඒ මහතා සමඟ දීර්ඝ ලෙස සංවාදයේ (Chat) යෙදීමේ අවස්‌ථාව ද උදාකර ගත්තාය.

මාස කීපයක්‌ ගත වෙද්දී පොලිස්‌පතිවරයා තමාගේ සමීපතම මිතුරකු බවට පත්කර ගැනීමට මංජුලාට හැකි විය.

මංජුලා තම පෞද්ගලික තොරතුරු පවා පොලිස්‌පතිවරයා සමඟ හුවමාරු කර ගන්නා තරමටම මෙම ෆේස්‌බුක්‌ සබඳතාව ශක්‌තිමත් වී තිබිණි.

මංජුලා පොලිස්‌ නිලධාරියකු නිසා යම් අකරතැබ්බයකට මුහුණ දී සිටියාය. කාලයක්‌ තිස්‌සේ දන්නා හඳුනන එක්‌තරා පොලිස්‌ නිලධාරියකු මංජුලාගෙන් ණය මුදලක්‌ ලබාගෙන තිබුණේ නැවත එය ලබාදෙන පොරොන්දුව මතය.

එහෙත් කාලයක්‌ ගත වෙද්දී මෙම නිලධාරියා අදාළ මුදල මංජුලා වෙත ලබා දීම මඟහරින්නට පටන් ගත්තේ ඇය දැඩි අපහසුතාවකට පත් කරමින්ය. පොලිස්‌ නිලධාරියා තමන්ට සිදුකළ අසාධාරණයට කිසියම් පිළිසරණක්‌ ලබා ගැනීමට සිතූ මංජුලා ඒ පිළිබඳව ෆේස්‌බුක්‌ ගිණුම හරහා පොලිස්‌පතිවරයා සමඟ කියා සිටියාය.
ෆේස්‌බුක්‌ හරහා සමීප මිතුදමක්‌ ගොඩනඟාගෙන සිටියද මංජුලාට උපකාර කිරීමට පොලිස්‌පතිවරයා එක්‌වරම ඉදිරිපත් වුණේ නැත. ඇගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්‌වීමට පොලිස්‌පතිවරයා කල් මරන්නට වුණේය. මේ පිළිබඳව මංජුලාගේ සිතේ තිබුණේ නොසතුටකි. මංජුලාගේ බලවත් ඉල්ලීම මත පොලිස්‌පතිවරයා ඇගේ ප්‍රශ්නයට මැදිහත් වුණේය.

පොලිස්‌පතිවරයා මංජුලාට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු හඳුන්වා දුන්නේ ඇගේ ගැටලුවට ඒ හරහා උපකාරයක්‌ ලබා ගැනීම සඳහා ය. පොලිස්‌පතිවරයා විසින් හඳුන්වා දුන් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරියා නමින් රජිත් මධුසංඛය.

රජිත් මධුසංඛගේ ජංගම දුරකථන අංකය මංජුලාට ලබා දුන් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඔහුගේ මාර්ගයෙන් උපකාරයක්‌ ලබා ගන්නා ලෙස ද උපදෙස්‌ දී තිබිණි.

ඒ අනුව මංජුලා රජිත් මධුසංඛ දුරකථනය ඔස්‌සේ සම්බන්ධ කර ගත්තාය.

මංජුලා දුරකථන ඇමතුම් ලබා ගන්නා හැම විටම රජිත් මධුසංඛ කියා සිsටියේ තමන් මේ දිනවල නවසීලන්තයේ සිටින බවත්, ශ්‍රී ලංකාවට පැමිණි වහාම ගැටලුවට පිළිතුරු යොදන බවත් ය. රජිත් මධුසංඛ දිගින් දිගටම මංජුලා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුවද ඇගේ ගැටලුවට කිසිදුÊපිළිසරණක්‌ ලැබුණේ නැත.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා සමඟ ෆේස්‌බුක්‌ ගිණුම හරහා පවත්වාගෙන යන මිතුදම පිළිබඳව ඒ වන විට මංජුලාගේ සිතේ යම් යම් සැක සංකා ගොඩනැඟෙමින් තිබිණි. ඒ වන විට මේ මිතුදමට මාස කීපයක්‌ ගත වී තිබුණේය. තමන් සමඟ මෙම මිතුදම පවත්වාගෙන යන්නේ සැබැවින්ම පොලිස්‌පතිවරයා ද යන්න සැකහැර දැනගැනීමට ඇයට අවශ්‍ය විය.

එහෙත් එය පහසු කටයුත්තක්‌ වුණේ නැත. පොලිස්‌පතිවරයාගේ නමින් වෙනත් පුද්ගලයකු තමන් සමඟ සම්බන්ධ වී සිටින්නේ දැයි මංජුලාට සිතුණු වාර අනන්තය. එසේ වූයේ නම් එය ඉතාම බරපතළ අපරාධයක්‌ බව මංජුලාට වැටහී තිබිණි. අවසානයේ මේ ගැටලුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දක්‌වා ගියේ එහි තිබූ බරපතළකම නිසාම ය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න එහි අධ්‍යක්‍ෂ සුදත් නාගහමුල්ල මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ ආරම්භ කළේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කළේය.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් මංජුලාට ලබාදුන් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරියා ගේ දුරකථන අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහි හිමිකරු සොයා ගත්තේය. මෙම ජංගම දුරකථනයේ හිමිකරු රෙජී ආනන්ද වීරසේකර නමැති අයකු බවත්, ඔහු නවසීලන්තයේ පදිංචිකරුවකු බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත්තේය.

රෙජී ආනන්ද යන අය නවසීලන්තයේ ඕක්‌ලන්ඩ් ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා කරන ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන අයකු බවත් හෙළි වුණේය. රෙජී ආනන්ද සහ පොලිස්‌පතිවරයා අතර ඇති සම්බන්ධය කුමක්‌දැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සොයන්නට වුණේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතාම සූක්‍ෂ්ම ලෙස රෙජී ආනන්ද යන අය දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේය. එහිදී අනාවරණය වුණේ රජිත මධුසංඛ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා බවත්, ඔහු නවසීලන්තයේ පදිංචිව සිටින බවත් ය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දීර්ඝ ලෙස කළ විමර්ශනයකින් පසු මෙම ෆේස්‌බුක්‌ පලහිලව්වේ සුලමුල අනාවරණය වුණේය.

රජිත් මධුසංඛ නමැති විසි හැවිරිදි තරුණයා පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ නමින් ව්‍යාජ ෆේස්‌බුක්‌ ගිණුමක්‌ නිර්මාණය කරගෙන එය පවත්වාගෙන යන බව හෙළිවීමත් සමඟම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද අන්දමන්ද වූහ.

තමන් මාස ගණනක්‌ තිස්‌සේ ෆේස්‌බුක්‌ මිතුදම පවත්වාගෙන ගියේ පූජිත් ජයසුන්දර මහතා ලෙස පෙනී සිටි ව්‍යාජ පුද්ගලයකු සමඟÊබව දැනගැනීමෙන් පසු මංජුලා දැඩි අපහසුතාවට පත් වූවාය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්‌ එල්ල වුණේ ඉකුත් සතියේදීය. ඒ සම්බන්ධයෙන් විමර්ශන කර වෙබ් අඩවිය ආක්‍රමණය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමඟම අන්තර්ජාලයේ සැරිසරන්නන් කලබලයට පත් විය. ජනාධිපති නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල වීමේ උණුසුම මැකී යැමට පෙර පොලිස්‌පතිවරයාගේ නමින් ව්‍යාජ ෆේස්‌බුක්‌ ගිණුමක්‌ සකස්‌ කරගෙන රූමත් තරුණියන් සමඟÊසබඳතා පැවැත්වූ තරුණයා පිළිබඳ සිද්ධිය කරළියට ආවේය.

පොලිස්‌පතිවරයා ලෙස රංගනයේ යෙදෙමින් තරුණියන් මුළා කළ තරුණයා ඒ වන විට පදිංචිව සිටියේ නවසීලන්තයේ ය. රජිත් මධුසංඛ සිදුකළ වංචාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ එතැන් සිටය. රජිත් මධුසංඛ නවසීලන්තයේ පදිංචිව සිටි නිසා ඔහු එකවරම අත්අඩංගුවට ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත විය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජිත් මධුසංඛ පිළිබඳ තොරතුරු සොයන්නට පටන් ගත්තේය. රජිත් සිදුකළ මහා වංචාව පිළිබඳව පොලිසිය හෙළිකර ගත් බව ඔහුට දැනගැනීමට ඉඩ නොහරින ලෙස මංජුලා දැනුවත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වගබලා ගත්හ.

මේ අතර රජිතගේ ඥතියකුගේ මාර්ගයෙන් වැදගත් තොරතුරක්‌ ලබා ගන්නට පොලිසියට හැකි විය. රජිත සැප්තැම්බර් 7 වැනිදා නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණෙන බව හෙළිකර ගත් පොලිස්‌ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට සැලසුම් සකස්‌ කළේය.

ඒ අනුව පසුගියදා රජිත ශ්‍රී ලංකාවට පැමිණෙද්දී කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගත්තේය. රජිතගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මේ ආකාරයට හැසිරීම පිළිබඳ සියලු තොරතුරු හෙළි වන්නට පටන් ගත්තේය.

රජිත උත්පත්තියෙන් ම සුළු රෝගී තත්ත්වයකින් සිටි දරුවෙකි. හොඳ අධ්‍යාපනයක්‌ ලබා ගන්නට ඔහුට වාසනාව තිබුණේ නැත. රෝගී තත්ත්වය ඊට තදින් බලපෑවේය. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය ද රජිත ඉන් සමත් වුqණේ නැත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 98004361059278458

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item