දක්ෂ වෘත්තිකයින් දේශපාලනයට කැඳවන්නැයි ගෝඨා කියයි (VIDEO)
දක්ෂතාවයෙන් පිරි වෘත්තිකයින් රාජ්‍ය සේවය සඳහා මෙන්ම දේශපාලන කාර්යය සඳහා ද යොදාගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර...

https://www.sathhanda.com/2016/09/video_25.html
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා කියාසිටියේ යම් දිනක තම පාර්ෂවය රජයක් පිහිටවුවහොත් එහි විශාල කාර්යය භාරයක් වෘත්තිකයින් සඳහා වෙන්කරන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා," මම අත්දැකීමෙන්ම දන්න දෙයක්, අපි හැම නිතරම ඡන්දෙකට සුමාන දෙකකට ඉස්සෙල්ලා ඉන්න වෘත්තිකයින් ගෙන්නලා රැස්වීමක් පවත්වනවා. ඡන්දෙන් පස්සේ ඒක බොහෝවිට සිදුවෙන්නේ නෑ. අපි කල්පනා කළේ ඊට ඉස්සෙල්ලා කාලයක් තිස්සේ වෘත්තිකයින් මේවට සම්බන්ධ කරගෙන, සාකච්ඡා පවත්වලා, එයාලගේ දැනුම දේශපාලඥයින්ටත් ලබාදීලා, ඊළඟට රාජ්‍ය පාලන තන්ත්‍රයට ඒ වෘත්තිකයින්ගේ සහය ලබාගැනීම කලයුතුයි. ඒවගේම ඒ වෘත්තිකයින් දේශපාලනයට යොමුකිරීම කළයුතුයි කියන එකයි මගේ හැඟීම" යි පැවසීය.
වීඩියෝව පහතින්.
Related