පුතා ගෙදර නැති මොහොතේ අලුත් ලේලියට මාමා අමුතු යෝජනාවක්‌ කරලා

මෙයට මාස තුනකට පමණ පෙර විවාහ වූ තම එකම පුතාගේ බිරිඳට අමුතු යෝජනාවක්‌ කළ හැත්තෑ හැවිරිදි මාමණ්‌ඩිකෙනකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

මෙයට මාස තුනකට පමණ පෙර විවාහ වූ තම එකම පුතාගේ බිරිඳට අමුතු යෝජනාවක්‌ කළ හැත්තෑ හැවිරිදි මාමණ්‌ඩිකෙනකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මාමණ්‌ඩිගේ බිරිඳ වසර හතරකට පෙර ඔවුන්ගෙන් වෙන්ව යාම නිසා නිවසේ සිටියේ ඔහුත් විසිනම හැවිරිදි පුතාත් පමණි. වැඩි මහල් දුව විවාහවී පිට පළාතක පදිංචිය. මේ නිසා විවාහයක්‌ කර ගන්නා ලෙස ඔහු පුතාට පැවසූ වාර අනන්තය. අවසානයේ එම ගමට අල්ලපු ගමෙන් ඉදිරිපත් වූ යෝජනාවක්‌ අනුව පුතාගේ විවාහය සිදුවිය. විසිපස්‌ හැවිරිදි ඇය රූමත්ය. මනමාලියක්‌ නිවසට කැන්දන් ඒමට හැකිවීම ගැන වඩාත් සතුටූ වූයේ පුතාට වඩා තාත්තාය.

පුතා රැකියාවට ගිය පසු නිවසේ සිටියේ ලේලියත් මාමාණ්‌ඩියත් පමණි. ඇයද කිසි වෙනසක්‌ නොමැතිව තම පියාට සලකන ආකාරයෙන් මාමණ්‌ඩියටද සලකාගෙන ගෙදර දොරේ වැඩපල කරමින් සිටියාය. එහෙත් ඔහු නිතරම තම ලේලිය දෙස අමුතු විදියට බලන්නට විය. ඇය නානවිටද, ඇඳුම් මාරුකරන විටද දිවාකල කාමරයේ හාන්සිවී සිටින විටද ඔහු ඇය දෙස බලා හැඟීම් පොදියක්‌ හිතේ තදකර ගත්තේය.

එහෙත් තවදුරටත් හැඟීම් තදකර ගෙන සිටීමට නොහැකිවූ ඔහු සෙමින් සෙමින් ඇය ළඟට ළංවී හැඟීම් පොදිය ලිහිල් කරගන්නට උත්සාහ කළේය. අවසානයේ දිවාකල තමා සමඟත් රාත්‍රි කාලයේ පුතා සමඟත් සිටින ලෙස ඔහු ඇය ඉදිරියේ බැගෑපත් වන්නට විය. එන්න එන්නම තත්ත්වය නරක අතට හැරෙන්නට වූ නිසා ඇය තම සැමියාට පියාගේ පහත් යෝජනාව ගැන කීවාය. එහෙත් පුතා එක්‌වරම එය පිළිගත්තේ නැත. මේනිසා ඇය කළේ දිනක්‌ ඔහුගේ ඉල්ලීම ජංගම දුරකථනයෙන් පටිගත කොට සැමියා පැමිණිවිට අසන්නට දීමය.

එය ඇසූ පුතාගේ ඉහමොළ රත්විය. මේ තමාගේ තාත්තාදැයි ඔහු සිතුවේය. තමා ගෙදර නැතිවිට දියණියක්‌ මෙන් ආදරයෙන් රැකබලා ගතයුතු ලේලියගෙන් මෙවැනි දේ බලාපොරොත්තු වන පියවරු නිවසේ තබාගැනීම මහා විනාශයක්‌ බව කල්පනා කළ පුතා බිරිඳත් සමඟ නැවතුනේ ගාල්ල පොලිසියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8505818708279881447

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item