නව ත්‍රස්‌ත මර්දන පනතේ පිටපතක්‌ ලන්ඩන් ඊළාම් වෙබ් අඩවියේ

ශ්‍රී ලංකා රජය විසින් කෙටුම්පත් කළ නව ත්‍රස්‌ත මර්දන පනතේ පිටපතක්‌ ලන්ඩන් නුවර ඊළාම් වෙබ් අඩවියකට ලැබී ඇත. පිටු 58 කින් යුත් මෙම ත්‍රස්‌ත ම...

ශ්‍රී ලංකා රජය විසින් කෙටුම්පත් කළ නව ත්‍රස්‌ත මර්දන පනතේ පිටපතක්‌ ලන්ඩන් නුවර ඊළාම් වෙබ් අඩවියකට ලැබී ඇත. පිටු 58 කින් යුත් මෙම ත්‍රස්‌ත මර්දන පනත ඊයේ (18 දා) එම වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබුණි.

මෙම නව ත්‍රස්‌ත මර්දන පනත ජනතාවගේ දැන ගැනීම උදෙසා මෙතෙක්‌ ප්‍රකාශයට පත් කර නැත. එහෙත් ලන්ඩන් නුවර ආරංචිමාර්ග පැවසුවේ ද්‍රවිඩ සන්ධානයේ ප්‍රබලයකුට එම ත්‍රස්‌ත මර්දන පනත ලැබී ඇති බවයි. අතිශයින් රහසිගතයි යනුවෙන් දැක්‌වෙන වගන්තියද එම පනතේ සඳහන් කර ඇත.

මෙම නව ත්‍රස්‌ත මර්දන පනත යටතේ ත්‍රස්‌ත ක්‍රියාවල යෙදෙන්නන්ට විසි වසරකට නොවැඩි සිරදඬුවමක්‌ද දඩයක්‌ සහ දේපළ රාජසන්තක කිරීමද සිදුවේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6315554197041824647

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item