රේගු බදු නොගෙවා රූපවාහිනියක් ගෙන ගිය රන්ජන් මාට්ටු
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කටුනායක ගුවන් තොටුපලේ තීරු බදු රහිත සාප්පුවකින් රූපවාහිනී යන්ත්‍රයක් මිලට ගෙන රෙගුවට බදු නොගෙවා ප්‍රභ...
https://www.sathhanda.com/2016/10/blog-post_238.html
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කටුනායක ගුවන් තොටුපලේ තීරු බදු රහිත සාප්පුවකින් රූපවාහිනී යන්ත්‍රයක් මිලට ගෙන රෙගුවට බදු නොගෙවා ප්‍රභූ පරයන්තයෙන් එලියට ගෙන ගොස ඇතැය වාර්තා වේ.
පසුගිය 28 වැනිදා ජපානයේ සිට පැමිණි ගුවන් යානයකින් ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තීරු බදු රහිත සාප්පුවකින් අගල් 40 නවීන වර්ගයේ රූපවාහිනී යන්ත්‍රයක් මිලට ගෙන තිබේ . එහි වටිනාකම ඩොලර් 990 කි.
එහෙත් ඔහුට එම තීරු බදු සහනය හිමි නොවන අතර වසරකට වැඩි කාලයක් විදේශ ගතවසිට පැමිණෙන පුද්ගලයකුට ඩොලර් 1750තීරු බදු සහනයක් හිමිවේ. දින 90 ක් විදේශ ගතව සිට පැමිණෙන පුද්ගලයකුට හිමි වන්නේද ඩොලර් 625 ක තීරු බදුසහනයකි.
ඒ අනුව සාමාන්‍ය මගියෙකුට හිමිවන ඩොලර් 187 ක තීරු බදු සහනය රන්ජන් රාමනායක මහතාටද හිමිවන අතර ඔහු මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින් අදාළ රූපවාහිනී යන්ත්‍රය මිලටගෙන හොර රහසේම ප්‍රභූ පරියන්තයෙන් එළියට ගෙන ගොස් තිබේ .
තිරු බදු රහිත භාන්ඩ ප්‍රභූ පරියන්තයෙන් එළියට ගෙන යාම නීතිවිරෝධී ක්‍රියවකි.
කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමැතිවරයා රැගෙන ගොස් ඇති රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත වීම නිසා එය ලබාදුන් වෙළඳ සලටම යළි රැගෙන ඒමට සිදුවූ නිසා රංජන් රාමනායක මහතා කල මෙම වංචාව හෙලි කර ගැනීමට රේගු නිලධාරීන්ට හැකි ව් තිබේ .
ඒ අනුව රේගුවට හොර රහසේම රූපවාහිනී යන්ත්‍රය පිටමං කිරීම නිසා ඇමැතිවරයාට රුපියල් 60000 ක දඩ මුදලක් ද අදාළ අලෙව් සැලට රුපියල් 25000 ක දඩයක් ද ගෙවීමට රේගුව නියම කර තිබේ .
Related