කොමිෂන් සභා සභාපතිවරු කථානායක හමුවෙයි

ස්වාධීන කොමිෂන් සභා පහක සභාපතිවරු සහ සාමාජිකයෝ අද (18) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය හමුවී සාකච්ඡා කර තිබේ.  එක් එක් කොමිෂන් සභා...

ස්වාධීන කොමිෂන් සභා පහක සභාපතිවරු සහ සාමාජිකයෝ අද (18) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය හමුවී සාකච්ඡා කර තිබේ. 

එක් එක් කොමිෂන් සභා වෙන වෙනම කථානායකවරයා සමග සාකච්ඡා පවත්වා ඇති අතර, ප්‍රසම්පාදන කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව යන කොමිෂන් සභා මෙහිදී සාකච්ඡාවට පැමිණ ඇත.

එම කොමිෂන් සභාවල වත්මන් ක්‍රියාකාරීත්වය, ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම එදිනෙදා කටයුතු කරගෙන යෑමේදී ඇතිවන අවශ්‍යතා ආදිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට භාජනය වූ බව කථානායක කාර්යාලය පැවසී ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1575898246319045836

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item