වෙල්ගමගේ වත්ත වැටලීම මෝඩ, බොළද වැඩක්.. මඩ නෑවා.. ජනතාව ආණ්ඩුවට හිනාවෙනවා.. – ජනපතිගෙන් නැවතත් පුල් පහරක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගමගේ වත්තේ වෙඩි නොවදින වාහන සගවා ඇතැයි පොලීසිය විසින් එම වත්ත වටලා සෝදිසි බොළද ක‍්‍රියාවක් යයි ජනාධිපති ...

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගමගේ වත්තේ වෙඩි නොවදින වාහන සගවා ඇතැයි පොලීසිය විසින් එම වත්ත වටලා සෝදිසි බොළද ක‍්‍රියාවක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

කවුරු කුමක් කීවත් මේවා බොලද වැඩ බවත් මෙවන් වැඩ නිසා මුළු ආණ්ඩුවම අපහසුතාවට පත්වන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

එසේ වාහන සගවා ඇත්තේ නම් මේ ආකාරයේ බොළද වැඩ නොකර ඒවා සොයාගන්නා ක‍්‍රම ඕනෑ තරම් ඇතැයිද කී ජනාධිපතිවරයා මේ සදහා ඕනෑ තරමි උපකරණ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ඇතැයිද පවසයි.

මෙම වැටලීම කලේ CIDද FCIDද කියා තමා නොදන්නේ වුවත් කවුරු කළත් ඉන් පොලීසිය මඩ ගාගත් බවද කියා සිටී.

අන්තිමේදී වන්නේ මේ ආකාරයේ වැඩවලට ජනතාව සිනාසීම පමණක් යයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2483848181896254762

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item