එක්සත් ජාතික පක්ෂ විකල්ප වාර්තාවෙන් කෝප් රැස්වීම උණුසුම් වෙයි – සභාපති නැඟිට යයි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අද (24) පැවති විශේෂ කොප් කමිටු රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. මෙම රැස්වීම සඳහා සහභ...

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අද (24) පැවති විශේෂ කොප් කමිටු රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

මෙම රැස්වීම සඳහා සහභාගි වී ඇත්තේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පමණයි.

එහිදී ඔවුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව සකස් කළ විකල්ප වාර්තාවක් රැස්වීමට ඉදිරිපත් කළා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාව නිවැරදි නොවන බව එහි සඳහන්ව තිබූ බව වාර්තා වුණේ.

එ් අවස්ථාවේ කෝප් කමිටුවේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ඊට විරෝධය පළ කළා. එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමාට මෙම වාර්තාව පිළිගත නොහැකි බවයි.

එසේ ප‍්‍රකාශ කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්තී‍්‍රවරයා සභාපති පුටුවෙන් නැගිට ගියා. එහිදී ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට ප‍්‍රකාශ කර ඇත්තේ නව සභාපතිවරයෙකු පත් කරගෙන සකස් කර ඇති වාර්තාව තමාට, පසුව භාර දෙන ලෙසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8728515523537198287

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item