උතුරේ හර්තාල් මැද ප්‍රචණ්ඩ ක්‍රියා රැසක්

යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණවලට විරෝධය දක්වමින් උතුරේ හර්තාල් පැවැති දින ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් සිදුවී ඇතැයි ‍පොලිස් තොරතුරු...

යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණවලට විරෝධය දක්වමින් උතුරේ හර්තාල් පැවැති දින ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් සිදුවී ඇතැයි ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.බස් රථවලට පහරදීම් රාශියක් ඒ අතර ඇතැයි ‍පොලීසිය සඳහන් කරයි. එම බස් රථ සියල්ලක්ම ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථය.

මුලතිව් හි පමණක් බස් රථවලට පහරදීම් හතරක් වාර්තා වී ඇතැයි ‍පොලීසිය කියයි. එක් බස් රථයක රියැදුරුට සහ කොන්දොස්තරවරයාටද පහරදී තිබේ.

කිලිනොච්චියේදී ‍පොලිස් සැරයන්වරයෙකුට බෝතල් ප්‍රහාරයක් එල්ල වූයේද හර්තාල් අතරතුරදීය. එම පහරදීමට සම්බන්ධ සැකකරු හැරුණු කොට මෙතෙක් උතුරේ එදින සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නැත.

ගයාන් කුමාර වීරසිංහ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4078093086933573963

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item