කෝප් වාර්තාව අද පාර්ලිමේන්තුවට

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව අද (28)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. කෝප් ක...

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව අද (28)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතයි.

සියලූ සාමාජිකයින්ගේ එකඟත්වයෙන් මෙම වාර්තාව ඉදිරිපත් කෙරෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මහබැංකු බැඳුම්කර දූෂිතයින්ගේ නම් සහ ඔවුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග මෙම වාර්තාවේ ඇතුළත් වන බවයි බිමල් රත්නායක මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් වෙනම ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ වාර්තාවේ කිසිදු යෝජනාවක් අද ඉදිරිපත් කරන වාර්තාවට ඇතුළත්ව නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8944574324031665046

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item