යාපනය සරසවි සිසුන් ජනපති පිළිතුරු ලැබෙන තුරු කැම්පස් නොයන්න තීරණය කරයි

නඩරාජා කාජන් | සුලක්‍ෂන් පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වුණු සරසවි සිසුන් දෙදෙනාට සාධාරණය ඉටුකරන ලෙස සිදු කළ ඉල්ලීම්වලට ජනපති මෛතී‍්‍රපා...

නඩරාජා කාජන් | සුලක්‍ෂන්
පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වුණු සරසවි සිසුන් දෙදෙනාට සාධාරණය ඉටුකරන ලෙස සිදු කළ ඉල්ලීම්වලට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් නිසි පිළිතුරක් ලබා දෙන තුරු අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී වර්ජනය කරන බව යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය සදහන් කරයි.

මේ අනුව ජනපතිවරයාගෙන් පිළිතුරු ලැබෙන තෙක් සරසවි අධ්‍යන කටයුතුවලට සහභාගී නොවන ලෙස මහා ශිෂ්‍ය සංගමය විසින් සියළු සිසුන් දැනුම්වත් කර ඇත.

ඝාතනයට ලක්වූ සරසවි දෙදෙනාට වන්දි පිරිනැමිය යුතු බවත් ඔවුන් ඇති දැඩි කිරීමට ඔවුන්ගේ දෙමාපියන් විසින් වැය කළ මුදලත් ඔවුන් රැකියා කිරීමෙන් උපයා ගන්නා මුදලත් වශයෙන් එම වන්දිය පිරිනැමිය යුතු බවද මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කර සිටීයි.

එමෙන්ම මෙම සිසුන් දෙදෙනාගේ ඝාතකයින්ට එරෙහිව මසක් ඇතුළත මහාධිකරණයේ නඩු පැවරිය යුතු බවද අවධාරණය කරයි.

එෆ්. අස්ලම්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5802473583151492429

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item