මම නම් බුද්ධි අංශයට එහෙම උපදෙස් දීලා නෑ

තමන් ආරක්ෂක ලේකම්ව සිටියදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට දේශපාලනඥයින් යන එන තැන් ගැන තොරතුරු සොයන ලෙසට උපදෙස් නොදුන් බව හිටපු ආරක්ෂක ලේකම...

තමන් ආරක්ෂක ලේකම්ව සිටියදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට දේශපාලනඥයින් යන එන තැන් ගැන තොරතුරු සොයන ලෙසට උපදෙස් නොදුන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

තමන් ඔවුන්ට උපදෙස් දුන්නේ රටට තර්ජනයක් වූ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් සොයාබලන ලෙස යැයි ඒ මහතා මාතරදී අද පැවැති පෙරපාසල් ගුරු උපහාර උත්සවයකදී කියා සිටියේය.

තමන් යන එන තැන් බුද්ධි අංශ විසින් දැන් සෙවීමට උත්සාහ කරන්නේ නම් ඒ සඳහා කාලය වැය කිරීම අනවශ්‍ය බවත්, තමන්ගේ දිනපතා වැඩසටහන ඔවුන්ට ලබාදීමට හැකි බවත්, ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 581454539717103306

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item