"එළහරකයි මී හරකයි වගේ බෑ" දෙන්නාගෙන් කවුරු හරි රට පාලනය කළ යුතුයි

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා රට වෙනුවෙන් ඇතැම් තීරණ නොබියව ගත් බවත්, එහෙත් වර්තමානයේ එවැනි තීරණයක් ගන්නා බවක් පෙනෙන්නට නැති බවත්, එසේ...

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා රට වෙනුවෙන් ඇතැම් තීරණ නොබියව ගත් බවත්, එහෙත් වර්තමානයේ එවැනි තීරණයක් ගන්නා බවක් පෙනෙන්නට නැති බවත්, එසේ වුවද රාජපක්ෂ කෙනෙක් හිරේ දැමීමට නම් ආණ්ඩුවේ අය කඩිනමින් තීරණ ගන්නා බවත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මේ නිසා "එළහරකයි මී හරකයි වගේ බෑ" දෙන්නාගෙන් කවුරු හරි රට පාලනය කළ යුතු බව හිටපු ජනපති පවා කියා ඇති බවද අනුරාධපුරදී ඊයේ පැවැති විද්වත් හමුවකට එක්වෙමින්   මේ බව පැවසීය.

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව හිටපු හමුදාපතිවරු ඇතුළුව තමන් අධිකරණයට ගෙනයාම ගැන ද එහිදී අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ත්‍රස්තවාදීන්ගෙන් වැඩිම තර්ජන තිබූ අය දැන් ලොකුම දූෂිතයින් වී ඇති බවයි.

මෙවැනි ක්‍රියා නිසා සමාජ මාධ්‍ය තුළ වත්මන් ආණ්ඩුව ගැන දෝෂා රෝපණ නැගෙන බවත්, පරීක්ෂණ සිදුකරන ආයතන දේශපාලන උවමනාව මත ක්‍රියාත්මක වන බවට ජනාධිපතිවරයා විසින් තේරුම්ගෙන කතා කිරීම මෙවන් තත්ත්වයක් තුළ අගය කරන බවත්,   එහිදී පෙන්වාදුන්නේය.

යුද්ධය නිසා, කුණු නිසා විනාශ වී තිබූ කොළඹ නගරය ඉතා කෙටි කලකදී ‍ලොව සීඝ්‍රයෙන් දියුණුවන නගරයක් තත්ත්වයට පත්කළ බවත්, එම වැඩපිළිවෙළේදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීනියන් පවා රාත්‍රී 7 - 8 වන තුරු ස්වේච්ඡාවෙන් සේවය කළ බවත්, ඔහු කියා සිටියේය.

රාජ්‍ය සේවය තුළ එවැනි නිලධාරීන් නිලධාරිණියන් සිටියත් වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා ඔවුන් ද මානසිකව ඇදවැටී ඇති බවත්, එසේ තිබියදී ඔවුන්ගෙන් රටට සේවයක් ලබාගැනීම දුෂ්කරවනු ඇති බවත්, ඒ මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3122619129740486876

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item