ඩොලරය දිගටම ඉහළ ගියොත් වැටුප්වල මූර්ත අගය නැති වෙනවා

රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ඉකුත් දිනවල යළි ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (01) වනවිට ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 144 යි ශත 66 ක්...

රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ඉකුත් දිනවල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (01) වනවිට ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 144 යි ශත 66 ක් ලෙසයි. ඩොලරයක විකුණුම් මිල රුපියල් 148 යි ශත 46 ක් ලෙස දැක්වුණා. රටේ පවතින ආර්ථික තත්ත්වයන් මෙන්ම මහ බැංකුවේ ක‍්‍රියාකාරකම් ද මීට බලපා ඇති බව ආර්ථික විශ්ලේෂක අසන්ත සිරිමාන්න පවසනවා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “රුපියල දුර්වල වුණාම ලංකාවේ අපනයන වැඩි වෙයි කියලා හිතනවා..එහෙම වෙනවා, හැබැයි ඒක තාවකාලික තත්ත්වයක්. ඇත්තටම වෙන්නේ ජනතාවගේ වැටුප්වල මූර්ත අගය නැති වෙනවා. ඊට පස්සෙ උද්ධමනය වැඩි වෙනවා. ආයෙත් මිනිස්සු වැඩි පඩි ඉල්ලලා පාරට එයි.” යනුවෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ඉලක්කයන් සපුරා ගැනීමට යාමේ දී ද මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බව ආර්ථික විශ්ලේෂක අසන්ත සිරිමාන්න වැඩිදුරටත් පෙන්වා දුන්නා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6377461658259406908

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item