දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත හෙට විවාදයට

විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත හා ථේරවාදී කථිකාව සශෝධන පනත් කෙටුම්පත හෙට(04) දිනයේ විවාදය සඳහා ඉදිරිපත් කරන බව අධිකරණ හා බුද්ධ ශාසන ...

විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත හා ථේරවාදී කථිකාව සශෝධන පනත් කෙටුම්පත හෙට(04) දිනයේ විවාදය සඳහා ඉදිරිපත් කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මල්වතු මහ නාහිමි විසින් අදාළ පනත් කෙටුම්පත් සංශෝධනය නොකරන ලෙස ඉල්ලීමක් සිදු කළ බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙයි.

එහිදී හෙට දිනයේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර හෙට දිනයේ අදාළ පනත් කෙටුම්පත් විවාදයට නොගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත් හදිසියේ සම්මත කිරීමට කටයුතු නොකර මහජන සංවාඳයකට ඉඩ සලසන ලෙස මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5312313247398927864

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item