ජනාධිපතිට එරෙහිව එජාප හිතැති ඊනියා යහපාලනවාදී සංවිධාන හෙට මාධ්‍ය හමුවක් කැඳවයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට එරෙහිව පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන්...

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට එරෙහිව පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කල සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති බහුතරයක් විසින් හදිසි මාධ්‍ය හමුවක් හෙට දිනයේ කැදවා ඇත.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරු තිදෙනෙක් අධිකරණය හමුවට පැමිණිවීම හා අල්ලස් කොමිසම CID FCID යන ආයාතන දේශපාලන උවමනාව මත භාවිතා කිරීමට තමන් දැඩි විරෝධය පල කරන බවත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශයට ඔවුහු සිය විරෝධය පල කරති.

ගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පල කරමින් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති 48ක් එක් වූ අතර හෙට පැවැත්වෙන මාධ්‍ය හමුව සදහා ඒවායේ සියළු නියෝජිතයින් සහභාගී වනු ඇතැයිද පැවසෙයි.

මෙම වෘත්තීය සමිති හා සංවිධාන බොහෝමයක් එජාපය විසින් මෙහෙයවන හෝ එජාප හිතවාදී ඒවා වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1102266539263337298

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item