දිනක පඩිය වැඩිවේ - වතු වර්ජනය නිමවේ
වතුකම්කරුවන්ගේ රුපියල් හත්සිය තිහක වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට අද (18) පස්වරුවේ වතුහාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද...

https://www.sathhanda.com/2016/10/blog-post_896.html
ලංකා කම්කරු කොංග‍්‍රසය මගින් මෙම අවබෝධතා ගිවිසුමට වතුකමිකරුවන්ට වසරකට දින තුන්සියක් වැඩ ලබා දිය යුතු බවත් දැනට කැලෑ බවට පත්වි ඇති ඇතැම් තේ වතු මාස හයක් වැනි කාලයක් තුල සම්පුර්ණයෙන්ම ශුද්ධ පවිත‍්‍රකර තේ වගාව යලිත් නගා සිටුවිය යුතු බවත් තේ දළු නෙලමින් සිටින වතුකම්කරුවන්ට ඇතැම් අවස්ථා වල එල්ල වන බඹර ප‍්‍රහාර වලදි එම වැටුප ඔහුන් නැවත සේවයට පැමිණෙන තෙක් ඔහුන්ට වැටුප් ගෙවිම යන යෝජනා වලට වතුහාමිපුතුන්ගේ සංගමය එකගවිම නිසා එම අවබෝධතා ගිවිසුමට ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිෙමින්තු මන්ති‍්‍ර ආරුමුගම් තොන්ඩමන් මහතා අත්සන් කළ බවයි ලංකා කමිකරු කොංග‍්‍රසය පැවසුවේ. මෙම අවබෝධතා ගිවිසුම අනුව වතුකමිකරුවන්ගේ හිග වැටුප් නොලෙබෙන අතර දිනකට රුපියල් දහසක වැටුප් ඉල්ලා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල වතුකමිකරුවන් වැඩ වර්ජන හා උද්ඝෝෂණ ව්‍යාපාරද පැවැත්වුවා. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිෙමි අවස්ථාවට මලික් සමරවික‍්‍රම, ජොන් සෙනවිරත්න නවින් දිසානායක මහින්ද අමරවිර රවි සමරවිර යන ඇමතිවරුන් සහභාගි වි ඇත.මේ අනුව වතුකමිකරුවෙකුට දිනකට රුපියල් එකසිය තිහක වැටුප් වැඩි විමක් සිදුවි තිබෙනවා.
සටහන - රංජිත් රාජපක්ෂ - හැටන්
Related