දෙමළ සන්ධානයෙන් නව ජගත් මහලේකම්ටත් ලිපියක්

ශ්‍රී ලංකාව තුළ ස්ථාවර සහ ගෞරවාන්විත සාමයක් ඉතා ඉක්මනින් උදාකර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම්වරයා සමග ඉදිරියේදී කටයුතු කිරීම...

ශ්‍රී ලංකාව තුළ ස්ථාවර සහ ගෞරවාන්විත සාමයක් ඉතා ඉක්මනින් උදාකර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම්වරයා සමග ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

ඒ, නව මහලේකම් ධුරයට පත් වූ ඇන්ටෝනියෝ ගුටේරස් හට සුභපැතුම් පණිවුඩයක් එක්කරමින්. දෙමළ සන්ධාන නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් විසින් අදාළ පණිවුඩය යොමු කරනු ලැබ තිබෙනවා.

එහි දැක්වෙන්නේ බැන්කි මුන් මහලේකම්වරයාගේ ප‍්‍රයත්නයන් වන විපතට පත්වූ ශ්‍රී ලාංකිකයින්ට සත්‍ය අවබෝධ කරගැනීම, නැවත සිදුනොවීම හා වන්දි ගෙවීම ඇතුළත් යුක්තිය ඉටුකිරීමේ කටයුතු තවදුරටත් ක‍්‍රියාත්මක කරන ලෙස නව මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවයි.

නව මහලේකම්වරයාගේ ධුර කාලය තුළ නොබෙඳුනු රටක් තුළ සමානාත්මතාව සහ සාධාරණත්වය මත පදනම්ව දීර්ඝකාලීන සාමය උදාකර ගැනීමට අවශ්‍ය කැපවීම සහ සහයෝගය දෙමළ ජාතික සන්ධානය විසින් තවදුරටත් ලබාදෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2297201051999676278

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item