දෙවන ආසියානු සහයෝගිතා සමුළුව අද සිට

ආසියානු කලාපයට පොදුවේ බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන දෙවන ආසියානු සහයෝගිතා සමුළුව අද (08) සිට ලබන 10දා දක්වා තායිලන්තයේ බැංකොක් නු...

ආසියානු කලාපයට පොදුවේ බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන දෙවන ආසියානු සහයෝගිතා සමුළුව අද (08) සිට ලබන 10දා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වෙයි.

මේ සඳහා රටවල් 34ක් නියෝජනය කරමින් නියෝජිත පිරිස් සහභාගිවීමට නියමිතය.

ආසියානු කලාපයට බලපාන විද්‍යා හා තාක්ෂණය, අධ්‍යාපන, ආහාර සුරක්ෂිතතාවය, බලශක්තිය සහ ජලය, සංස්කෘතික හා සංචාරක කර්මාන්තය සහ තිරසාර සංවර්ධනය ආදී ක්ෂේත‍්‍ර 20ක් සම්බන්ධයෙන් මෙම සමුළුවේදී අවධානය යොමු කෙරේ.

එහි දෙවන දිනය වන 9දා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සමුළුව ඇමතීමට නියමිතය.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන දෙවන ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07) තායිලන්තය බලා පිටත්ව ගියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8678386762242286408

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item