ETCA නිසා තරුණයින් රට හැරයාමේ අනතුරක්..!

එට්කා ගිවිසුම අත්සන් කළහොත් රටේ දක්ෂ තරුණයින් රට හැර යාමේ අවදානමක් ඇතැයි ඒකාබද්ධ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමය අනතුරු අඟවනවා. එහි සභා...


එට්කා ගිවිසුම අත්සන් කළහොත් රටේ දක්ෂ තරුණයින් රට හැර යාමේ අවදානමක් ඇතැයි ඒකාබද්ධ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමය අනතුරු අඟවනවා. එහි සභාපති ඉන්දික ගමගේ කියා සිටියේ එහි බලපෑම වැඩි වශයෙන් එල්ල වන්නේ මෙරට තරුණ පරම්පරාවට බවයි.

එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ බිහිවෙමින් පවතින කුඩා පරිමාණ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වන බවයි මාධ්‍ය අමතමින් සභාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම  'එට්‌කා ගිවිසුම' කඩිමුඩියේ අත්සන් කරනු ලැබුවහොත් 'හෙජින් ගිවිසුමෙන්' රටට වූ පාඩුව මෙන් පාඩුවක්‌ ඉන් සිදුවිය හැකි අතර හෙජින් ගිවිසුම සඳහා තෙල් සංස්‌ථාව සහ විදෙස්‌ බැංකුවක්‌ ගිවිසුම්ගත වූ බවත් එහිදී ශ්‍රී ලංකාවට අවාසි සහගත ලෙස ගිවිසුම් ගතවීම නිසා ගිවිසුමෙන් ඉවත්වීමේදී විදෙස්‌ බැංකුවට විශාල මුදලක්‌ ගෙවීමට තෙල් සංස්‌ථාවට සිදුවූ බවත් එම සංගමයේ සභාපති ඉන්දික ගමගේ ඊයේ ජාතික පුස්‌තකාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පැවසීය. හෙජින් මෙන්ම එට්‌කා ද ජාත්‍යන්තර ගිවිසුමක්‌ වන බවත් යම් හෙයකින් කඩිමුඩියේ එට්‌කා අත්සන් කර අපේ රටට අවාසි සහගත අයුරින් එය සිදුවුවහොත් ජාත්‍යන්තර අධිකරණයට ගියද එහි අවාසිය අපේ රටට අත්වන බවත් ඔහු කීය.

මෙහිදී හෙජින් ගිවිසුම මෙන් නොව එට්‌කා ගිවිසුමෙන් අපේ වෘත්තීන්ටද බලපෑම් ඇතිවිය හැකි නිසා එය වඩාත් රටට අයහපත් වනු ඇතැයිද ඔහු කීය.ඉන්දියාව සමග ශ්‍රී ලංකාව අත්සන් කිරීමට නියමිතව තිබූ 'සීපා' ගිවිසුමේ කොටස්‌ කිහිපයක්‌ සංශෝධනය කරමින් 'එට්‌කා' නමින් නව ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කර ඇතැයි ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය. එම සංගමයේ සාමාජිකයින් වන එන්. ඩබ්ලිව්. කේ. පී. අබේසිංහ, නඳුන් සිල්වා, අසංක ද සිල්වා ද මෙම මාධ්‍ය හමුවට එක්‌ව සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2278130270698514715

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item