මුරුසියෙන් හමුවූ MH370 යානා කොටසත් තහවුරුයි

මුරුසිය ආශ්‍රිත වෙරළ තීරයේදී පසුගිය මැයි මාසයේදී හමුවූ ගුවන් යානා පියාපත් කොටස මීට වසර දෙකකට පෙර අතුරුදන් වූ MH370 යානයට අයත් වූවක් බව ඔස්ට...

මුරුසිය ආශ්‍රිත වෙරළ තීරයේදී පසුගිය මැයි මාසයේදී හමුවූ ගුවන් යානා පියාපත් කොටස මීට වසර දෙකකට පෙර අතුරුදන් වූ MH370 යානයට අයත් වූවක් බව ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ අධිකාරිය තහවුරු කර තිබේ.

ඔස්ට්‍රේලියානු ප්‍රවාහන අමාත්‍ය ඩැරන් චෙස්ටර් පවසන්නේ මෙය අතුරුදන් MH370 යානයට අයත් බවට තහවුරු කෙරුණු තෙවැනි කොටස බවයි.

කෙසේ වෙතත්, මෙම කොටස හරහාද අතුරුදන් වූ යානය කවර කලාපයක පවතින්නේද යන්න පිළිබඳව නිවැරදිව තහවුරු කළ හැකි සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ගුවන් යානා පියාපත් කොටස මුරුසි රාජ්‍ය ආශ්‍රිත වෙරළ තීරයේදී සොයාගනු ලැබුවේ 2016 මැයි 10 වැනිදාය. පසුව එය වැඩිදුර පරීක්ෂණ සඳහා ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ අධිකාරිය වෙත යොමු කෙරිණි.

මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය 2014 මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් සිටියදී ඉන්දියානු සාගරය ආශ්‍රිතව අතුරුදන් වූයේ පුද්ගලයන් 239 දෙනෙකු සමගිනි.

මෙම යානය සොයා ඔස්ට්‍රේලියාව, මැලේසියාව මෙන්ම චීනය ඇතුළු රාජ්‍යයන් රැසක් එකතුව ලෝකයේ එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි විය.

කෙසේ වෙතත්, යානය පිළිබඳ පළමු වැනි ඉඟිය පළ කරමින් 2015 ජූලි මාසයේදී රියුනියන් දූපත් ආශ්‍රිතව යානයේ පියාපත් කොටසක් හමුවූ අතර, පසුව 2016 ජුනි මාසයේදී ටැන්සානියාව ආශ්‍රිතව තවත් කොටසක් හමුවිය. අවසන් වශයෙන් හමුවූ කොටස මුරුසියෙන් හමුවූ අතර, එය මෙසේ එම යානයට අයත් බව තහවුරු කර තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 3335527903731840149

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item