චක්‍රලේඛයට පිටින් රාජ්‍ය සංස්‌ථාවක තනතුරු 22 ක් දීලා
කළමනාකාර සේවා චක්‍රලේඛයට පටහැනිව රාජ්‍ය වැවිලි සංස්‌ථාව තනතුරු 22 ක් ලබාදීම පිළිබඳව විගණකාධිපති වාර්තාවකින් හෙළි වී ඇත. අදාළ චක්‍රලේඛය...

https://www.sathhanda.com/2016/11/22.html
අදාළ චක්‍රලේඛයට අනුව සේවක උසස්‌වීම්, තනතුරු ස්‌ථීර කිරීම් සහ අතිරේක දීමනා ලබාදීම පිළිබඳව රාජ්‍ය වැවිලි සංස්‌ථාවේ සභාපති තිලක් මහානාමගෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කරුණු විමසා තිබේ.
පීඑල්ඒ/ඒ/එස්‌එල්එස්‌පීසී/2016/10 විගණකාධිපති වාර්තාව මගින් 2016 සැප්තැම්බර් මස 20 වැනි දින සභාපතිවරයාගෙන් එම කරුණු දැක්‌වීම සිදුකර ඇත.
චක්‍රලේඛය උල්ලංඝනය කරමින් කටයුතු කළ එම නිලධාරීන් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නා ලෙසට රාජ්‍ය වැවිලි සංස්‌ථාවේ සභාපතිවරයා විගණකාධිපති දෙපාර්තමේන්තුවට යෑවූ පිළිතුරු ලිපියෙහි සඳහන් කර තිබේ.
මෙම පත්වීම් හිටපු සභාපතිවරයා විසින් සිදුකළ ඒවා බව රාජ්‍ය වැවිලි සංස්‌ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
දිනෙන් දින අලාභ ලබන රාජ්‍ය වැවිලි සංස්‌ථාවට දීමනා ගෙවමින් නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව එහි සේවකයෝ විමතිය පළ කර සිටිති.
Related