කුමාර් ගුණරත්නම් පිටුවහල් කිරීමට යයි !

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් දිවයිනෙන් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මේ වන වි...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් දිවයිනෙන් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටින කුමාර ගුණරත්නම් මහතගේ වසරක දඩුවම් කාලය ලබන දෙසැම්බර් මස 09දා නිමාවේ. අනතුරුව වහාම ඔහු පිටුවහල් කිරීමට සැලසුම්කර තිබෙන බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

එම ක්‍රියාදාමයට විරෝධය පළකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (29) මහනුවර නගරයේ සත්‍යග්‍රහයක නිරතවූහ. රටින් බැහැරව සිටි ගුණරත්නම් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු යළි මව්බිමට පැමිණි අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන නඩු පවරා සිර ගත කරනු ලැබිය.

ඒ කාරණය තුළින්ම ආණ්ඩුවේ විනිවිදභාවය පලුදුවී ඇතැයි ඊයේ පැවති විරෝධතාව සදහා සහභාගීවූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මහතා පැවසීය. ගුණරත්න සිර දඬුවමින් නිදහස ලබනවාත් සමග ඔහුගේ සියලු අයිතීන් උල්ලංඝනය කරමින් ඔහුව දිවයිනෙන් පිටුවහල් කිරීමට ආණ්ඩුව උත්සහ කරන බව කුරුවිට  ප්‍රකාශ කළේය.

මේ සිදුව ඇත්තේ කුමාරගුණරත්නම්ගේ ගැටලුවක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටලුවක් වන බවත් මෙය ඉදිරියේදී වෙනත් පුද්ගලයන්ට ද මුහුණදීමට සිදුවන ගැටලුවක් විය හැකි යැයි කීවේය. සිරදඩුවම් කාලය නිමාවට පත්වීමෙන් පසු ඔහු දිවයිනෙන් පිටුවහල් කරනවා වෙනුවට ඔහුට පුරවැසිභාවය ලබා දිය යුතු යැයි එක් දින සත්‍යග්‍රහයට එක් වෙමින් එම පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට වැඩිදුරටත් කීවේය.

මහනුවර ජොර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට ඉදිකරන ලද අට්ටාලයක කළු පටි පැළද නැගී දේශපාලන ක්‍රියාකරුවන් රැසක් මෙම සත්‍යග්‍රහයට එක්වූ අතර තවත් ක්‍රියාකාරීන් නගරයේ සිට ජනතාව දැනුවත් කරමින් ප්‍රත්‍රිකා බෙදීම සදහා එක්වූහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5547039868512294487

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item