ප්‍රධාන රථ වාහන වැරදි 6ට දඩය රු.25,000යි

රථ වාහන වැරදි 6ක් සඳහා දඩය රු.25,000ක් දක්වා වැඩිකිරීමට එකඟවූ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ඒ අනුව බ...

රථ වාහන වැරදි 6ක් සඳහා දඩය රු.25,000ක් දක්වා වැඩිකිරීමට එකඟවූ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඒ අනුව බීමත්ව රිය පැදවීම,රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම,අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම,රක්ෂණ ආවරණයක් නොමැතිවීම,අධික වේගය හා දකුණෙන් ඉස්සර කිරීම ආදී වැරදි සඳහා මෙලෙස දඩය වැඩි කිරීම ගැටළුවක් නොවන බව විජේරත්න සඳහන් කළේය.

අද(21)ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,මුදල් අමාත්‍ය රවී කරුණානායක ආදීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවුණු බව ඔහු කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4815072949689544712

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item