එස්.එල්.එස්. නැති හෙල්මට් නිෂ්පාදකයන්ට වැඩ වරදී
යතුරුපැදි ධාවනයේදී පළඳින ආරක්ෂිත හිස්වැසුම් සඳහා එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය වන බැවින් එසේ නොකරන නිෂ්පාදකයන් හා ආනයනකරු...

https://www.sathhanda.com/2016/11/blog-post_16.html
මේ වන විටත් ඒ සම්බන්ධව අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදුකර ඔවුන් ප්‍රමිති සහතිකය ලබා ගැනීම කෙරෙහි යොමු කරවා ඇති බවත් එම සහතිකය ලබා ගැනීම සඳහා ආරක්ෂිත හිස්වැසුම් ආනයනකරුවන්ට හා නිෂ්පාදකයන්ට තවදුරටත් අවස්ථාව දී ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
හිස්වැසුම් සඳහා එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සභාපතිවරයාට යැවූ ලිපිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ සභාපතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.එම ලිපිය මගින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පෙන්වා දී තිබුණේ අදාළ නීතිය ක්‍රියාත්මක වීම ඉකුත් අගෝස්තු 01දා සිට තාවකාලිකව නතර කර ඇති බවයි. එහෙත් අදාළ නීතිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව සභාපති හසිත තිලකරත්න මහතා පැවැසීය.
ගයාත්‍රි ගීගනආරච්චි
Related